
විමුක්ති එස් රුද්‍රිගු
සමස්තයක් ලෙස පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලාංකිකයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 16,318 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් පසුගිය ජනවාරි මාසය සමග සංසන්දනය කරන විට පෙබරවාරි මාසයේදී මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල පහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා වල සඳහන් වේ.
පසුගිය ජනවාරි මාසයේදී සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයකුට අවශ්‍ය වූ අවම මුදල රුපියල් 16,334 කි. ඒ අනුව මෙරට සිව් දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 65,272 ක් මුදලක් වැය වේ. කෙසේ නමුත් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැඩිම මුදලක් වැය වන දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කය වේ. පසුගිය පෙබරවාරි මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 17,599 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය. පසුගිය ජනවාරි මාසය සමග සංසන්දනය කරන විට පෙබරවාරි මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයේද සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල සුළු වශයෙන් පහත ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුප්පත් නොවී ඉන්න අවශ්‍ය අවම මුදල රුපියල් 16,318 ක්