කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (23) ගනුදෙනු අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශකය පහත වැටුණ නමුත් එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය වර්ධනයක් තිබුණි. ඉසුරුමත් සමාගම්වල කොටස් මිල දී ගැනීමට ගනුදෙනුකරුවන්ගේ උන්නදුවක් පැවැති බව දැක්වේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් කොටසකට ශත විසි පහක් බැගින් ප්‍රතිලාභ නිකුත්කොට ඇති අතර මෙදින ගනුදෙනුවල දී කොටසක මිල ශත හතළිහකින් ඉහළ ගොස් රු.58.90 ක් වශයෙන් ස්ථාවර විය. මේ අතර ලංකෙම් ඩිවලොප්මන්ට් මිලියන හතළිහක වර්ණීය කොටස් නිකුත් කර ඇත. කොටස් හිමියන්ට අතිරේක කොටසක් රු. 15.00 බැගින් මිල දී ගත හැකිවේ.
ඊයේ ගනුදෙනු 10,113 ක් වාර්තා වූ අතර සමාගම් 114 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 92 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 1,095.4 ක් වශයෙන් විය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,543.99 ක් වූ අතර එය දර්ශක 11.87 ක පසුබැසීමකි. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,592.07 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 2.50 ක වර්ධනයක් සේ දැක්විය හැකිය.
සන්ෂයින් හෝලිඩිං රු. මිලියන 139 ක්, ලංකා දුම්කොළ රු. මිලියන 63 ක් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑනස් රු. මිලියන 55 ක්, එල්. බී. ෆිනෑන්ස් රු. මිලියන 52 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 46 ක්, වැලිබල් ෆිනෑන්ස් රු. මිලියන 45 ක්, ග්‍රේන් එලිවේටර්ස් රු. මිලියන 37 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 33 ක්, ලංකා මිල්ක් ෆුඩ් රු. මිලියන 32 ක්, සහ වැලිබල් වන් රු. මිලියන 28 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
- නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිනයේ පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවයි