
ශ්‍රී ලාංකේය සංගීත සංදර්ශන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය වන “ONE LOVE 2026 – A Tribute to Bob Marley” 2026 මාර්තු 27 සිට 29 දක්වා බෙන්තොට වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතය. සංගීත ප්‍රසංගය දින 3ක් පුරා පැවැත්වෙනු ඇති අතර ඒ සෑම දිනකම සවස 6ට සංදර්ශනය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
දකුණු ආසියානු කලාපය තුළ ගෝලීය රෙගේ සංගීත සංස්කෘතියේ ඓතිහාසික සැමරුමක් සනිටුහන් කරන එම සුවිශේෂී ප්‍රසංගය පිළිබඳව නිවේදනය කිරීම හා මාධ්‍ය දැනුවත් කිරීම පසුගියදා කොළඹ සුඛෝපභෝගී සංචාරක නවාතැන වන NUWA Sri Lanka හිදී පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් රෙගේ කලාකරුවන් 6 දෙනකු සහභාගී වීමට නියමිතය. එය ආසියාවේ මෙන්ම පැසිෆික් කලාපය තුළ මෙතෙක් අත්විඳ ඇති රෙගේ හැකියාවන් සියල්ල එකම තැනකදී නැරඹිය හැකි විශාලතම අවස්ථාව බවටද පත් වනු ඇත. මීට සහභාගී වන කලාකරුවන් අතරට, Maxi Priest – The “Prince of Reggae”, The Wailers, Julian Marley සහ Ky-Mani Marley – රෙගේ නිර්මාතෘ Bob Marleyගේ පුතණුවන් Inner Circle, Big Mountain ඇතුළත් වේ.
ඊට අමතරව ජාත්‍යන්තර සංගීත ශිල්පීන් 4 දෙනකුද මෙම ප්‍රසංගයේදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කරනු ඇති අතර සෑම දිනකම රෙගේ කලාකරුවන් දෙදෙනකු ප්‍රසංග වේදිකාවට එක් වනු ඇත. ඒ අනුව මාර්තු 27 - The Wailers සහ Maxi Priest, මාර්තු 28 - Inner Circle සහ Big Mountain, මාර්තු 29 - Julian Marley සහ Ky-Mani Marley ලෙස කලාකරුවන් ප්‍රසංග වේදිකාව වර්ණවත් කරනු ඇත.
මෙම ප්‍රසංගයේ සුවිශේෂීත්වය නිසාම රෙගේ සංගීතයට ප්‍රිය කරන ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය යන රටවල සංචාරකයන් සහ බටහිර සංචාරකයන් ඇතුළු දහස් ගණනක ශ්‍රී ලාංකේය රසිකයන් මෙම ප්‍රසංගය දැකබලා ගැනීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.
යුරෝපයේ සහ කොළඹ මූලස්ථානය පිහිටා ඇති ශ්‍රී ලංකාවට අයත් One In A Million Entertainment Ltd විසින් Caribbean Entertainmentහි සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගය Shaggy, Diana King, Maxi Priest සහ Big Mountain වැනි ගෝලීය කලාකරුවන් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසද සඳහන් කළ හැකිය.
මෙම අවස්ථාවට තවත් ආකර්ෂණයක් එක් කරමින් 2024 සංගීතමය නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස කටයුතු කළ Kingsley Ben-Adir සහ එහි අධ්‍යක්ෂ Reinaldo Marcus Green ද එක්වනු ඇත.
පෙබරවාරි 6 වැනි දිනට යෙදී ඇති බොබ් මාලේගේ 81 වැනි උපන් දින සැමරුමට සමගාමීව පවත්වනු ලබන මෙම සංගීත ප්‍රසංගය රෙගේ සංගීත සංස්කෘතිය හා සංගීතමය වැදගත්කම තව දුරටත් ඉහළ නංවනු නිසැකය. ප්‍රසංගය සඳහා දිනකට රු. 10,000ක මුදලකට සාමාන්‍ය ටිකට්පතක් අලෙවිවන අතර VIP ටිකට්පතක් රු. 50,000කට අලෙවි කිරීමට නියමිතය. මීට අමතරව දින 3හිම සංගීත ප්‍රසංග රසවිඳීමට කැමැති රෙගේ සංගීත ලෝලීන්ට දින 3 සඳහාම සාමාන්‍ය ටිකට්පත් රු. 25,000කටත්, VIP ටිකට්පත් රු. 100,000ටත් ලබා ගැනීමේ විශේෂ අවස්ථාවද උදා කර දී තිබේ.
මෙම ප්‍රසංගය සඳහා වන ටිකට්පත් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකා ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් පවත්වාගෙන යන ළමා නිවාසවල ජල පවිත්‍රකරණ ව්‍යාපෘතියට පරිත්‍යාග කිරීමට නියමිතය. එසේම One Love Festival ජැමෙයිකාවේ පුණ්‍ය කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් Bob and Rita Marley පදනම සමගද කටයුතු කරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා රෙගේ කලාකරුවන් සහ කාර්ය මණ්ඩලය ලෙස 70ක පමණ පිරිසකගෙන් සමන්විත ජාත්‍යන්තර දූත පිරිසක් එක් වන අතර ඔවුන්ට සත්කාරකත්වය ලබා දීමට Melco Resorts & Entertainment ට අයත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී සුඛෝපභෝගී සංචාරක නවාතැන වන කොළඹ NUWA Sri Lanka කටයුතු කරනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් City of Dreams Sri Lanka හි උප සභාපති සහ දේපොල සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා මෙසේ පැවසීය. “ දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගයේ සත්කාරක සහකරු බවට පත් වීමට හැකිවීම පිළිබඳව City of Dreams Sri Lanka ඉතා සතුටට පත් වනවා. කොළඹ සුවිශේෂී විනෝදාස්වාද කේන්ද්‍රස්ථානය ලෙස කොළඹ නගරයේ සංස්කෘතිය හා කලාත්මක හැකියා ඉහළ නැංවීමට අපි කැපවී කටයුතු කරනවා. ලෝක ප්‍රකට රෙගේ කලාකරුවන් ශ්‍රී ලාංකේය වේදිකාවට ගෙන ඒම තුලින් නිර්මාණශීලීත්වයට හා කලාවට සහාය වීම සහ ශ්‍රී ලංකාවට ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් ගෙන ඒම සඳහා අපගේ කැපවීම මනාව පිළිබිඹු වනවා.”
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය “ONE LOVE 2026” බෙන්තොට වෙරළේදී
pakeer Sunday, 21 December 2025 07:39 AM
හුගාක් සන්තෝසයි.