IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් අත්දැකීම කොළඹ නෙළුම් කුලු‍ණේ

 

දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් කලා  අත්දැකීම ලෙස ‘වෙසක් රශ්මි ධාරා’ මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලු‍ණ, Bling Productions සහ Eyeon එක්ව ඉදිරිපත් කරයි. තාක්ෂණය සහ සම්ප්‍රදාය එකට මුසු කරමින් නිර්මාණය කරන ලද මෙම සුවිශේෂී පූජනීය අත්දැකීම කොළඹ නෙළුම් කුලු‍ණේ පිහිටි Pixel bloom හීදී 2025 මැයි 10 සිට 18 දක්වා දවස පුරා පැවත්වේ. 
ආලෝක සංදර්ශනයකින් ඔබ්බට ගිය ‘වෙසක් රශ්මි ධාරා’ යනු ඩිජිටල් නිර්මාණකරණය ඔස්සේ බුද්ධ චරිතය සහ බොදු ඉගැන්වීම් පිළිබඳ ගැඹුරින් විමසීමට අවකාශය සකසන පරිවර්තනීය කලාත්මක අත්දැකීමකී. නවීන ප්‍රක්ෂේපණ තාක්ෂණය  සහ කලාත්මක ප්‍රකාශනය භාවිතයෙන් ආලෝකය, වර්ණ සහ හැඟීම් මැනවින් මුසු කොට නිර්මාණය කරන ලද මෙම සංදර්ශනය ඔස්සේ සදාතනික බෞද්ධ ප්‍රඥාවේ ගැඹුරු හරයන් සමාජ ජීවිතයට සමීප කරවයි. සවස් කාලයට පමණක් සීමා වූ සම්ප්‍රදායික වෙසක් සැමරුම් අතික්‍රමණය කරමින් උදෑසන සිට රාත්‍රී කාලය දක්වා මෙම අත්දැකීම විඳගැනීමට අවස්ථාව ජනතාව වෙත සලසා දී තිබීමද විශේෂත්වයකී.
මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ සංකල්පය මෙවර ප්‍රදර්ශනයේ තේමාව ලෙස යොදාගෙන තිබේ. සමාජය තුළ සමගිය සහ පුද්ගල අභ්‍යන්තර සාමය පෝෂණය කිරීම කෙරෙහි මෙම උතුම් බොදු ඉගැන්වීම් බෙහෙවින් ඉවහල් වේ. ඩිජිටල් මාධ්‍ය ඔස්සේ දිගහැරෙන මෙම අත්දැකීම හරහා ආධ්‍යාත්මික සහ චිත්තවේගීය සබඳතා විමසීමට නරඹන්නන්ට අවස්ථාව හිමිවේ.
Bling Productions හි සම නිර්මාතෘ මාලන් ජේසුදාසන් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. ‘‘අධ්‍යාත්මික බව සහ ඩිජිටල් කලාව මැනවින් සංයෝජනය වූ මෙම විශේෂ අත්දැකීම ක්‍රෝධය, වෛරය සහ ඊර්ෂ්‍යාව වැනි සෘණාත්මක හැඟීම්වලින් බැහැරවෙමින් සාමය, සහවේදනය සහ දැනුවත්භාවය සමඟ සමාජ සම්බන්ධතා නැවත ගොඩනගා ගැනීමට මෙම නිර්මාණය උපකාරී වනු ඇතැයි අපි  බලාපොරොත්තු වෙනවා. ආධ්‍යාත්මික පරිවර්තනය සහ නවෝත්පාදනය යන කරුණු ද්විත්වයම තාක්ෂණය හරහා අරුත් ගැන්වූ නව්‍ය නිර්මාණයක් ලෙස වෙසක් රශ්ම ධාරා හැඳින්විය හැකියි.’’
මෙම ඩිජිටල් කලා අත්දැකීම කලාප කිහිපයක් ඔස්සේ ඉදිරිපත් කර ඇත. සිදුහත් කුමරුගේ ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරමින් තෙමඟු‍ල මෙහි 1 කලාපයෙන් නිරූපණය කර තිබේ. එමෙන්ම මෙහි 2A කලාපයේ ‘මහා සස ජාතකය‘ නිරූපණය කරන අතර සදාචාරාත්මක වශයෙන් සමාජය ගොඩනැගීම, සාමය පවත්වා ගැනීම සහ සහජීවනය වැනි මූලික බෞද්ධ මූලධර්ම එමගින් ඉස්මතු කරයි. මෙහි 2B කලාපයේ බුද්ධ රශ්මි ආලෝක රටා ප්‍රදර්ශනය කරන අතර 3A දහම මෙනෙහි කරනු ලබන අටපට්ටම් පහන් කූඩූ ඇතුළු ඩිජිටල් නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කර තිබේ. එමෙන්ම තවත් විචිත්‍රවත් ඩිජිටල් වෙසක් සැරසිලි රාශියක් මෙහි 3D කලාපයේදී ඉදිරිපත් කර තිබෙන අතර සියලු‍ම නරඹන්නන්ට මෙය නිසැකවම අද්විතීය  අත්දැකීමක් වනු ඇත.



අදහස් (0)

දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් අත්දැකීම කොළඹ නෙළුම් කුලු‍ණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site