(ඩයනා උදයංගනී)
තේ අපනයනය කිරීමේදී තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 6ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇත.
ඒ අනුව අපනයනය කරන තේ කිලෝවකින් අය කරන රුපියල් 3.50ක තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 06ක කාලයකට අත්හිටුවන බව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තේ කර්මාන්තයට මුහුණපෑමට සිදු වූ බලපෑම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කීවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි වාසිය තේ වගාකරුවන්ටද හිමිවිය යුතුයි..