IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


තිරසාර සංචාරක කර්මාන්තයකට SME ක්ෂේත්‍රයටත් වගකීමක් තිබෙනවා

  • ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දායකත්වය
  • ඒ අතරින් සියයට 75කට ආසන්න ප්‍රමාණයක් සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ව්‍යවසාය

භානුක අමරසිංහ


UNDP මෙරට නේවාසික නියෝජිත අසුසා කුබෝටා

ශ්‍රී ලංකාව තුළ තිරසාර සංචාරක කර්මාන්තයක් ඇති කිරීමේදී රජය වෙත මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයටත් වගකීමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP)  මෙරට නේවාසික නියෝජිතවරිය වන අසුසා කුබෝටා මහත්මිය පැවසුවාය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දායකත්වය ලබා දෙන බවත්, ඒ අතරින් සියයට 75කට ආසන්න ප්‍රමාණයක් සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ව්‍යවසාය බවත් ඇය පෙන්වා දුන්නාය. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ හවුල්කාරීත්වයෙන් පැවැත්වුණු මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 100ක් වෙත ජාතික තිරසාර සංචාරක සහතික (NSTC)  ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් ඇය මෙම අදහස් පළ කළාය. . UNDP  හි BIOFIN (Biodiversity Finance Initiative)  මගින් 2018 වසරේ සිට මෙරටSME වෙත මෙම සහතික ප්‍රදානය සිදු කරයි. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය ආරක්ෂා කරගනිමින් එම සංචාරක කර්මාන්තය තිරසාරව පවත්වාගෙන යාම අතිශය වැදගත් බවත් ඇය අවධාරණය කරයි. “පොහොසත් විවිධාංගීකරණය තමයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වැදගත්ම දේ. ඒ නිසා මේ තිරසාර සංචරණය කියන දේ හුදෙක් සුන්දර වචනයක්ම විය යුතු නැහැ. ලංකාවේ සාරවත් වැසි වනාන්තර, සුන්දර වෙරළ තීරයන් තිබෙනවා. ඒවා ලස්සනයි. ඒත් මේ පරිසර පද්ධතීන් වෙත මීට වඩා ගරු කිරීමක් ලබාදිය යුතුයි. ඒ සඳහා බලධාරීන්ට වගේම ප්‍රජාවටත් කළ යුතු කාර්යයක් තිබෙනවා. සංචාරක කර්මාන්තය හරහා මෙම ජෛවවිවිධත්වයට හානි සිදු නොවිය යුතුයි“ ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

පසුගිය වසරේදීත් තමන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 100ක් වෙත ජාතික තිරසාර සංචරණ සහතික පත්‍ර ප්‍රදානයට සම්බන්ධ වූ බවත්, මේ වසරේදීත් තවත් 100 දෙනකු ඊට සුදුසුකම් ලැබීම සතුටක් බවත් ඇය පැවසුවාය. ඉන් 27ක් කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වීම තවත් වැදගත් බවත් ඇය සඳහන් කළාය.
“එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගන්නට නම් 2030 වසර වනවිට ආසියා සහ පැසිපික් කලාපය තුළ පමණක් වාර්ෂිකව එ.ජ. ඩොලර් ට්‍රිලියන 1.5ක් ආයෝජනය කළ යුතුයි. ශ්‍රී ලංකාව ගත්තොත් 2030 දක්වා දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 12.5ක් ඒ වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි“ ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

එම ඉලක්ක සපුරා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා රජය වෙත සහයෝගය ලබා දෙන බවත්, ඒ සඳහා වන ආයෝජන අවශ්‍යතා හඳුනාගනිමින් මූල්‍ය පහසුකම් ලබා දෙන බවත් ඇය සඳහන් කළාය.

“සංචාරක කර්මාන්තය සඳහා වන තිරසාර ප්‍රවාහන ප්‍රධානයි. උදාහරණ ලෙස විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ, ත්‍රිරෝද රථ මේ කර්මාන්තය වෙත මෙන්ම පොදු ප්‍රවාහනය වෙත යොදා ගැනීම හරහා අහිතකර වායු විමෝචනය අඩු කළ හැකියි. ඉන් සංචාරක කර්මාන්තය වඩාත් පරිසර හිතකාමී බවට පත් වෙනවා. ඒ සඳහා බලධාරීන් විසින් මෙම විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ භාවිතය වැඩි කරන පැහැදිලි ප්‍රතිපත්තිමය ක්‍රියාරාමුවක් ගෙන ආ යුතුයි. ඒ වගේම එම රථ ආරෝපණය සඳහා යටිතල පහසුකම් ස්ථාපිත කිරිමත් වැදගත්.’’

ඒ අනුව ශ්‍රී ලංකාව තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට නම් අමාත්‍යාංශ, රජයේ ආයතන, දේශීය ප්‍රජාව, පෞද්ගලික අංශයේ ආයතන යනාදී සියල්ලක්ම එකට කටයුතු කළ යුතු බවත්, ඒ හරහා මේ සඳහා වන ක්‍රමෝපාය සංවර්ධනය සහ ක්‍රියාත්මක කිරීම සිදු කළ හැකි බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය. 

 

 



අදහස් (0)

තිරසාර සංචාරක කර්මාන්තයකට SME ක්ෂේත්‍රයටත් වගකීමක් තිබෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site