(තිළිණි ද සිල්වා )
ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩිවශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ කැසිනෝ හල් ඉන්දියානුවන්ට ආකර්ෂණිය වන බවට කිසිදු විවාදයක් නැතැයි සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටී.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකාව ඇතුළත සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය හා හෝටල් සංගමය එක්ව ඉන්දියානු සංචාරකයින් ඉලක්ක කරගනිමින් හඳුන්වා දෙන ලද විශේෂ සංචාරක පැකේජ දියත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙසේද කීය.
“මේ ඉන්දියානු පැකේජය ඉතා වැදගත්. ඉන්දියානුවෝ දිගටම ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා නම්, අපිට වෙන කාගෙන්වත් යැපෙන්න ඕන වෙන්නේ නැහැ. ඔවුන්ව ආකර්ෂණය කර ගැනීමට අපිට යම් යම් දේ එකතු කරන්න වෙනවා.“
මේ පැකේජ අපි චීනයට හා මදපෙරදිග ඇතුළු අනෙකුත් රටවලටත් ගෙනයාමට බලාපොරොත්තු වෙනවා.අපේ කැසිනෝ ඉන්දියානුවන්ට ආකර්ෂණීය බවට කිසිදු විවාදයක් නැහැ. නමුත් ඉන්දියානු බලධාරීන්ගෙන් තිබෙන චෝදනාවක් තමයි, කොළඹ නගරය හා පිටපළාත් තුළ ප්‍රමාණවත් විනෝදාස්වාද ක්‍රියාකාරකම් නැති බව. මේ නිසා ඔවුන් තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි අපත් සමඟ තරඟකාරී රටවලට යනවා.
මම හෝටල්කරුවන්ගේ සංගමයට කිව්වා, ඔවුන් හෝටල්වල නයිට් ක්ලබ් ආරම්භ කළ යුතුයි. මම දන්නේ නැහැ ඇයි ඔවුන් එය නොකරන්නේ කියලා. මෙය තරුණ ඉන්දියානු සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමට තිබෙන එක ක්‍රමයක්.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට කැරකිලා ඔය එන්න හදන්නේ එකම ක්‍රමයටම තමා මහින්දගේ ආණ්ඩුව ගෙනාපු එකමතමා මුන්ට වෙන විසදුම් නැහැ ජාතික සම්පත් විකුණා හොරකම් කරලා කරලා අන්තිමට මෙහෙම ගියහම කියවී සංචරකයන්ව සතුටු කරන්න අපේ කාන්තාවෝ කැමති වෙන්න ඕන කියල මුන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද කාපලු හැතිකරේ කුපාදිකම අංක එකට අරමුණ කරගත් අපරාද කාරයින්ට 77 න පස්සේ බලයේ හිටපු හැම එකාම කලේ එකම දේ ..
බයවෙන්න එපා ඇමති තුමා, දැන් ඔබතුමා ඔතන තෙපරබානකොට ඒගොල්ලෝම ඇවිත් කැසිනොත් අරියි අපිව ආකර්ෂණය කරගන්න.
තරුණ ඉන්දියානුවන්? තියෙන ප්‍රශ්න මදිවටද? බාල් නැටුම් ආර්ථිකය වෙනුවට රටේ වැදගත් ස්ථිර ආර්ථික ක්‍රමයන් ඇති කරන්න. රටේ හැමෝම ඉන්නේ ඔබතුමාගෙ මානසික තත්වයේ නෙවෙයි. ඔබතුමා නම් හැමදාම තරුණයිනේ.
ඔව් ඔව් ඇයි තරුණ අය විතරක් මුන්දගේ වයසේ වල පයයි ගොඩ පයයි තරුණයන්ට අකැපද??? නැද්ද
ඔබ වගේ මහලු යට එහෙම උත්තේජනයක් හා ආකර්ශනයක් අවශ්‍ය නැද්ද තුමනි.
මෙයා හදන්නේ ගණිකා බිස්නස් වැඩිකරලා ලංකාව තවත් තාය්ලන්තයක් කරන්න .මෙයාටත් මල්ල කරෙනේ එතකොට දෙවිදියකින් .මෙහෙමත් කපටියෝ .
ඔව් ඉතින් ඔයාට යන්නත් පුළුවන් නේ නේද
ලංකාවේ ගැහැණු විකුණලා රටේ ආර්ථිකය ගොඩ ගන්නද හිතන් ඉන්නේ? අනේ හලෝ... අර අගමැති කිව්වනේ දැන් ආර්ථිකේ නග්ගනවා කියලා...
ඔබතුමාට සිහිකල්පනාව අඩුද? ඉන්දියන් මිනිස්සු එදා වේල කන්න නැතුව ඉන්නේ ලංකාවට ඇවිල්ලා රෙදි මදින උපකරණයෙන් රොටි හදාගෙන කාලා ලංකාවේ රස්සාවකුත් කරලා මුදලුත් එකතු කරගෙන තමයි යන්නේ...
මුන්ගේ මොලේට හිතන්න පුළුවන් ඔය ටිකනේ .බෝක්කුවල ලැග්ග උන් පාර්ලිමේන්තු ගියහම බාර් එකක් අරින එක,ගස් ටිකක් කපන එක, බෝක්කුවක් හදල එකේ සල්ලි මාටියා ගහන එක ,ඛණිජ වැලි නිදියක් විකුණන එක, වරායක් විකුණන එක ට වැඩිය හිතෙන්නේ මොනවද .
ජෝන් අයිය " ආතා " වුනත් තාමත් හොද තරුණයෙකි..// වැඩ බැරි ගෙයි බබානිස් ඒ වැඩ නම් හොඳින් දනී..// උපන්දා සිටත් හොඳ තරුණයකු බව මුළු රටම දනී..// හමුදා සේවයට නම් තාමත් අපේ ප්‍රමාද නැතේ..//
ඇමතිය වුනත් වයසට නොව වැඩ නම් නේ..// හැට පැන්නත් වඳුරන් ඒ.සී බස්වල යනවාද..// ඉකුත්වී තිබුනම් කල් පැන අවුරුදු කීපයකි..// මේවගේ ඈයෝ කුමකට වගුරට ගියාදෝ..//
රාත්‍රී සමාජ ශාලාවලින් පැයකට රුපියල් ලක්ෂයක් බදු ගහනගමන් රාත්‍රී සමාජ ශාලා ගැන කතාකරනවා. ඔක්කොම වැහුවා මේ බද්ද නිසා. මිනිසුන්ගෙන් බදු ගහල ඒකෙන් සල්ලි හම්බ කරන එකට උඩින් තව පැයකට ලක්ෂ ගානේ හම්බකරගන්න හිඟා කනවා. මේකෙන් උනේ ව්‍යාපාර කඩා දමන එක. කාලීන උත්තේජක හේතුන් නිසා එක එක වෙලාවට එක එක ගොන් කතාකියන පුදුම හිස් මොළ මේවා............
ලංකාවේ කාන්තාවෝ ටික නැතිනම් රට යවන්නයි, ක්ලබ්වලට යවන්නයි... ඇරෙන්න වෙන ආදායම් මාර්ගයක් නැහැ.
සංචාරක හෝටලයකට මත්පැන් බලපත්‍රයක් ගන්න කොච්චර අමාරුද? කොච්චර වියදමක් යනවද? අද ලංකාවේ තිබෙන සංචාරක හෝටල්වලින් 90% මත්පැන් බලපත්‍ර නැහැ. තත්වය එසේ තිබෙනකොට මෙතුමා අහනවා හෝටල්වල නයිට් ක්ලබ් නැත්තේ මොකද කියලා... මේක මහා විහිළුවක්... මෙතුමා මේ විෂය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කරුණාකර යමක් දන්නා කෙනෙක් මේ ඇමැතිකමට පත්කරන්න... මේ ගොල්ලට විශ්‍රාම යන්න කාලය හරි.. ලබන ඡන්දෙදි ඇපත් නැති වේවි...!!!
හොඳ යෝජනාවක්...
ලෝක සංචාරක ව්‍යාපාරයේ හා ආර්ථික ප්‍රවණතාවයන් අනුව යාමේදී ඔහු ගෙන එන යෝජනාව වැදගත් සහ කාලෝචිත එකක් බව නොතේරීම කණගාටුවට කරුණක්. සංස්කෘතිය සහ ව්‍යාපාර ක්ෂේත්‍රය පටලවා නොගත යුතුය.
ඕනෙම රටකට සංචාරකයින් පැමිණෙන්නේ තපස් රැකීමට නොව, විවේකීව විනෝද වී කාලය ගත කිරීමටයි. එවැනි සංචාරකයින් හට බුලත්, පුවක් දී හරි යන්නේ නැහැ. ඔවන්ට අවශ්‍ය වන්නේ සැප පහසු ලැගුම්හල්, මත්පැන්, රටේ සෞන්දර්ය නැරබීම වැනි දේයි.
මේකේ අමුත්තක් මම නම් දකින්නේ නැහැ. දැනටත් කරන්නේ අපේ " ගෑනු " ටික අරාබියට විකුණලා ඒ එන සල්ලිවලින් පිස්සු කෙලින එක නොවැ.
නන්දන මේවා කියන්න කලින් මෙයාට කියන්න සංචාරක ආකර්ෂණය තියන ස්ථාන අතළොස්සවත් හරියට නඩත්තු කරන්න වැඩ පිළිවෙලක් හදන්න කියලා. හම්බකරන් කන්න විතරක් දත නියවගෙන හිටියට වැඩක් නෑ හම්බකරන් කන ඒවට සලකන්නත් දැනගන්න ඕනෑ. හරිහපන් තැනක් නෑ විවෙිකිව කෑම ටිකක් කාලා සතුටෙන් ඉඳල එන්න. සනීපාරක්ෂක පහසුකම් හා පානීය ජලය වැනි පහසුකම් මේ ස්ථානවල අවමයි. සංචාරකයෙකුට තියා මොකෙකුටවත් යන්න බෑ ඒ ස්ථානවල තියන වැසිකිළිවලට. හැමතැනම කාලකන්නි තක්කඩියෝ එන දේශීය හා විදේශීය සංචරකයන් හූරාගෙන කනවා. ඒව පේන්නේ නැද්ද? එක අතකට මෙයා දන්න දේනේ කියන්නේ? මීට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද මෙයාලගෙන්... වලපය, ගොඩපය සීයානේ...
සනා මහත්මයාගේ දැනගැනීම සදහාය, ලංකාවේ තිබෙන සංචාරක හෝටල් වලින් 90% මත්පැන් බලපත්‍ර නැහැ ඒවා පවත්වාගෙන යන්නේ සුරාබදු නිලධාරීන්ට පගාව දීලා, එම මත්පැන් බලපත්‍ර ගන්න තිබෙන නීති අව්රුද්දෙන් අව්රුද්ද තද කරනවා, ගාස්තුව නොසෑහෙන ලෙස ඉහල දමනවා, මේකෙන් පෝසත් වන්නේ සුරාබදු නිලධාරියෝ මිසක් වෙන කව්රුවත් නොවේ. රජය කල්පනා කරලා සරල ආකාරයට දැරිය හැකි මිලකට බලපත්‍ර දෙනවනම් හෝටල් හිමියෝ ඒවා ගනීවි, එතකොට බදු ආදායමකුත් රජයට ලැබේවි. මත්පැන් නැතුව සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න බැහැ. මුස්ලිම් රටවල් වන එමිරේට් රටේ සහ මාලදිවයිනේ සංචාරකයන්ට මත්පැන් පානය කල හැක. සංචාරකයෝ සංචාරක හෝටල්වල සිට මත්පැන් බිවට අපේ සංස්කෘතියට වෙන හානියක් නැත. කසිප්පු බීලා පරුෂ වචන කියමින් පාරේ යන්නෙත් ගෙදර ගිහින් දරුමල්ලන්ට පහර දෙන්නෙත් , මත්පැන් පානය කර රිය පදවන්නෙත් ලංකාවේ අපේ මිනිස්සු හැර වෙන කවුරුද ?
ජෝන් ඇමතිතුමනි, මේකේ පාඨකයන් දමලා තිබෙන අදහස් බැලුවහම දැන් ඔබට නම්බු පිටින් විශ්‍රාම යන එක හොඳයි කියලා හිතෙන්නේ නැත්ද?
සංචාරකයින්ගේ පැමිණීම ගැන කතා කරනවා වැඩි කරන්න ඕනේ කියලා දැන් වුනත් ඔවුන්ට හොඳටම ඇතිවෙලා.. මෙහෙ පෝය දාට නැතිනම් කවුරු හරි කෙනෙක් මැරුණම බාර් ටික දින ගණනක් වහන එක... බියර් එකක් බොනවා කියන්නේ පිටරටවල අයට අපි තේ එකක් බොනවා වගේ ඕනේ වෙලාවක... මේක මේ පෝයට සහ අනික් කරුණුවලට වසරේ දින ගණනාවක් වැසීම පලක් තිබේද?
හෝටලයේ නවාතැන් ගෙන සිටින විදේශීය සංචාරකයින්ට පමණක් මත්පැන් විකිණිය හැකි ආකාරයට සරල ක්‍රමයකට මත්පැන් බලපත්‍ර නිකුත් කළා නම් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා නේද? එතකොට සංස්කෘතියට වෙන හානියක් නැහැනේ? මත්පැන් බීලා වෙරිවෙලා, පාරේ පරුෂවචන කියමින් යන, සුද්දෝ මම නම් ලංකාවේදී දැකලා නැත. තායිලන්තෙත් කලාපයේ බෞද්ධ රටක්, ඔවුන් මෙම ප්‍රශ්න කළමනාකරණය කරන ආකාරය අධ්‍යයනයකර අපට සුදුසු ලිහිල් ප්‍රතිපත්තියක් අපත් සකසා ගන්න ඕනේ...
මහලු වයසේ සිටින ලංකික දේශ පාලකයින්ට ඕන වෙලා තියෙන්නේ නයිට් ක්ලබ් තමා. මේ ගැන තරුණ වයසේ සිටින දේශ පාලකයින් මොනවා හිතනවා ඇත්ද?
ඇමතිතුමා කැසිනෝ තියා මොනවා ඇරියත් ඉන්දියාවේ තරුණ කොල්ලෝ මෙහෙ එන්නේ නැහැ. ඒ අය කියන්නේ ලංකාවේ ආණ්ඩු මාරුවූනාම එන්නම් කියලයි.
තව ටිකක් ගියහම කියාවි කොකේන් ටිකකුත් තිබුණා නම් තව හොඳයි කියලා...
රටට ප්‍රයෝජනවත් දෙයක් ඔය ඔලුවට එන්නෙම නැද්ද??
අන්න අරහේ කාදිනල් තුමා හොඳටම දෙහි කපනවා කැසිනෝ කතාවට. එක ආගමට විරුද්ධ ක්‍රියාවක්ලු.