
තෙන්නකෝන් ටුවර්ස් පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම සංචාරක සේවා සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ සභාපති දේශමාන්‍ය ආචාර්ය නිලාන් ධනුක තෙන්නකෝන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
Thennakoon Holdings සමාගම් සමූහයට අයත් තෙන්නකෝන් ටුවර්ස් සමාගම පෞද්ගලික සහ ආයතනික යන පාරිභෝගික කාණ්ඩ දෙවර්ගයටම පුළුල් පරාසයක විහිදී ඇති සේවා රැසක් සපයයි. එම ආයතනය මෙරට වැඩිම වාහන සංඛ්‍යාවක් සහිත ප්‍රවාහන සේවා සැපයුම්කරුද වේ. ඔවුන් වෙතින් ඕනෑම දුර ප්‍රමාණයක සංචාරයක් සඳහා කාර්, වෑන්, බස් ඇතුළු සියලු වර්ගයේ වාහන කුලී පදනම මත ගත හැකිය. රියදුරෙකු නොමැතිව වාහනයක් ගැනීමට අවශ්‍ය අයකුට දිගු කාලීන පදනම යටතේ වාහනයක් ගත හැකිය. කෙටි කාලීන පදනම යටතේ වාහන ගැනීමේදී වෘත්තීය සහ විනයගරුක රියදුරෙකුද සමග සේවය ගත හැකිය.
Thennakoon Holdings වෙතින් හෝටල් හා නවාතැන් වෙන් කිරීමේ සේවාද ගත හැකිය. ඔවුන් Premium Credit පෞද්ගලික සමාගම නමින් ණය සපයන මූල්‍ය ආයතනයක් මෑතකදී අරඹා ඇත. සෑම විටම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට මුල් තැන දෙන තෙන්නකෝන් ටුවර්ස් සමාගමේ වෘත්තීය පළපුරුද්ද සහිත පාරිභෝගික සේවා කණ්ඩායම පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් ඒ ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට වඩාත් ගැළපෙන වාහනය තෝරා ගැනීමට මඟ පෙන්වයි. තමන් සතු වාහන විශ්වාසවන්තව සහ ආරක්ෂිතව කුලී පදනම මත සැපැයීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වන වාහන හිමිකරුවකුට තෙන්නකෝන් ටුවර්ස් සමාගම සමඟ සම්බන්ධ විය හැකිය. මීට පෙරද එම සමාගම දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා ඇත.
2025 නොවැම්බර් මස 04
87
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙන්නකෝන් ටුවර්ස් සමාගමට විශිෂ්ටම සංචාරක සේවා BWIO සම්මානය