IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තාක්ෂණික සමාගම් විදේශීය රටවල ලියාපදිංචි වී මෙරට උපයන මුදල් එම රටවලට රැගෙන යාම ගැටලු‍වක්


භානුක අමරසිංහ


මෙරට ක්‍රියාත්මක බොහෝ සමාගම් විදේශීය රටවල ලියාංපදිංචි වී මෙරට තුළ උපයන මුදල් එම රටවලට රැගෙන යාම විසඳුම් සෙවිය යුතු ගැටලු‍වක් බව ලංකාපේහි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පවසයි. විශේෂයෙන්ම බොහෝ තාක්ෂණික සමාගම් තුළ මෙම ප්‍රවණතාව දැකගත හැකි බව ඔහු සඳහන් කරයි. 

“එම තාක්ෂණික සමාගම් වෙත විදේශ මුදල් මෙරටට ගෙන ඒමේදී පවතින බාධා ඊට හේතුවයි. ඒ නිසා තමයි ඔවුන් සිංගප්පුරුවේ හරි මැදපෙරදිග රටක හරි තමන්ගේ සමාගම් ලියාපදිංචි කරලා, බැංකු ගිණුම් විවෘත කරන්නේ. එම රටවල පවතින ක්‍රමවේදයේ සරල බව නිසා ඔවුන්ට එය පහසුයි.’’

ඒ අනුව මෙම ගැටලු‍වට විසඳුම් සොයමින් එම සමාගම් මෙරට තුළ උපයන මුදල් රට තුළම රඳවා තබා ගැනීමට රජය මැදිහත්වී පියවර ගත යුතුව ඇතැයිද ඔහු පවසයි. “මේ ක්‍රමය නිසා ශ්‍රී ලංකාවට කිසිම ප්‍රතිලාභයක් නැහැ. ඒ නිසා ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ සිය සමාගම් ස්ථාපිත කිරීමට අවශ්‍ය උනන්දුව ඇති කළ යුතුයි. ඒ සඳහා පහසුකම් සැලසිය යුතුයි.“

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ යනු මෙවැනි තාක්ෂණික සමාගම් වෙත ඉතාමත් කුඩා වෙළෙඳ පොළක් බව පවසන චන්න ද සිල්වා මහතා, ඒ අනුව මෙරට ස්ථාපිත කෙරෙන සමාගම් වෙත විදෙස් රටවලට සිය සේවාවන් ලබාදීමට අවස්ථාව උදා කර දිය යුතු බවත් සඳහන් කරයි. 

“අපේ රටේ සමාගම පිහිටුවලා, තමන්ගේ ව්‍යාපාරය තවත් රටවලට ව්‍යාප්ත කිරීමේ පහසුකම් ඔවුන්ට ලබාදිය යුතුයි. එහෙම නැතුව ඔවුන්ට මේ කුඩා වෙළෙඳ පොළෙන් පමණක් රැකෙන්න බැහැ.

 



අදහස් (0)

තාක්ෂණික සමාගම් විදේශීය රටවල ලියාපදිංචි වී මෙරට උපයන මුදල් එම රටවලට රැගෙන යාම ගැටලු‍වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 554 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site