හර්ෂණ තුෂාර සිල්වා
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (08) ඉතිහාසයේ පළමු වරට 200 සීමාව ඉක්මවා ගියේය.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (08) 200.46 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.95ක් ලෙසත් දැක්විණි.
ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
COMMENTS
ගෝලීය වසංගතයක් වන කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙනවා නම් දරුණු ලෙස බැට කන ඇමෙරිකා එක්සත් ජනපදයට සාපේක්ෂව ලංකාවේ මුදල් අව ප්‍රමාණ වෙන්න බෑ. මේක ලංකාවේ වැරදි දේශපාලන තීන්දු නිසා ආර්ථිකයේ වැටීම පෙන්නුම් කරන සාධකයක්
අහෝ රුපියලට ගිය කලදසාව. කොරෝනාවට වෛද්‍යවරු අවශ්‍ය වගේම රුපියල ශක්තිමත් කරන්න ආර්ථික විශේෂඥයින් මේ වෙලාවෙවත් නැත්නම් රට අගාධයට යාම වලක්වන්න බැහැ.
අර , මහාචාර්ය තුමාගෙන් ඇහැව්වනම් දැන් මේකට මොකද කරන්නේ කියලා ..
ඒ කියන්නේ කොරෝන වලින් ඩොලරයට බලපෑමක් නැහැ කියන එකද ?
අනෙක්වත් අවප්‍රමාණ වෙනකොට අපේ අවප්‍රමාණ වේගය වැඩියි.
රජය වෙනුවෙන් කථා කරන කෙනෙක් නැද්ද? බ්රෙක් නැතුව පල්ලමේ යනවා වගේ නේද?
ජනාධිපති රුපියලේ අගය පහලට දැම්මනං (චීන්නු එහෙම කරලා තියෙනව) ලංකාව නිර්යාත කරන භාණ්ඩ සහ සේවාවන් වලට ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. ලෝක වෙළඳපොලේ අමෙරිකන් $ තියෙන අගය වැඩිවෙද්දී ලංකාවට පාඩු වෙනවා. තව ක්‍රමයක් තියෙනවා මේකට. අංජනමක් ඇරලා බැලුවොත් පෙනේවි. පෙරුම්කායම් බෙල්ලේ එල්ල ගෙන දුමක් අල්ලල කසයක් බිව්වොත් අඩු ගන්නේ හිතට හොඳ වෙයි.
කෝ මෙ දොස්තර බන්දුල? කොයි බෙඩ් එක යටද හැංගිලා ඉන්නේ...? තමාගේ ගවර්මන්ට් එක කාලෙදිම $ එක Rs.200 පසුකිරීම තමන් මෙම අත්මේදී කරපු පව් මෙම ආත්මෙදී පලදුන්නා වගේ වැඩක්...
බයියලාට දැන් සතුටුද? දණහිස ලඟට දියේ ගිලුන එකාට ඔලුව ගිලුනත් මොකද කියා සීයා කියනවා..