
ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (DPL) නවීනතම ස්වාභාවික රබර් නිෂ්පාදන කම්හලක් හන්වැල්ල රබර් නිෂ්පාදන සමාගමේදී (HRPL) විවෘත කළේය. අත්වැසුම් නිෂ්පාදනයේ ප්‍රමුඛයකු සහ හේලීස් සමූහයේ සාමාජික ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (DPL), රුපියල් බිලියන 1 ක ආයෝජනයකින් පසු සිය අනුබද්ධිත හන්වැල්ල රබර් නිෂ්පාදන සමාගමේදී (HRPL) නවතම අති නවීන ස්වාභාවික රබර් දාම නිෂ්පාදන කම්හල මෙසේ විවෘත කළේය.
මෙය ඩිප්ඞ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී සමාගමේ අඛණ්ඩ වර්ධනය, නවෝත්පාදනය සහ තිරසාරභාවය සඳහා ඇති කැපවීමේ වැදගත් පියවරක් සනිටුහන් කිරීමකි. අලුතින් ආරම්භ කළ මෙම කම්හලෙන් ගෘහස්ථ, වෘත්තීය සඳහා නිර්මාණය කරන ලද ඝන තට්ටුවේ අත්වැසුම් නිෂ්පාදන ධාරිතාව සියයට 25 කින් ඉහළ යනු ඇත.
ප්‍රධාන ගෝලීය වෙළෙඳපොළවලින් එන ඉහළ ඉල්ලුම සපුරාලීමට මෙම පහසුකම දැන් වඩා හොඳින් සූදානම් වන අතර, මධ්‍යම හා දිගු කාලීනව අඛණ්ඩ අපනයන වර්ධනයක් සඳහා සමාගම පරමුණ ගෙන ඇත. අලුතින් සවි කරන ලද ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් ජෛව ස්කන්ධ
බොයිලේරුවක් පුනර්ජනනීය බලශක්තිය භාවිතයට ඉඩ සලසන අතර, ජෛව ස්කන්ධ පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු කිරීමක් සිදුවෙයි.

“මෙම සන්ධිස්ථානයත් සමග, උසස් තත්වයේ, තිරසාර ලෙස නිෂ්පාදනය කරන ලද අත්වැසුම් ලොවට ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට උපායමාර්ගික දායකයකු ලෙස ඩිප්ඞ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී සිය භූමිකාව තවදුරටත් තහවුරු කරනවා. ශක්තිමත් නායකත්වය, ඉදිරි දැක්මක් ඇති උපායමාර්ගය සහ කැපවූ ශ්‍රම බලකායක් විසින් සහාය දක්වන සමාගම, ගෝලීය අත්වැසුම් කර්මාන්තයේ අනාගතය හැඩගැස්වීමට හොඳින් ස්ථානගත වී තිබෙනවා.” යැයි හේලීස් පීඑල්සී සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පන්ඩිතගේ මහතා පැහැදිලි කළේය.
“මෙම උසස් කරන ලද පහසුකම අපගේම ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ දක්ෂතාවේ සහ විශේෂඥතාවේ සාක්ෂියක්. එය ලෝක මට්ටමේ ප්‍රමිතියකට නිවැරදිව හා සැලකිල්ලෙන් ගොඩනගා ඇති අතර, මෙහෙයුම් විශිෂ්ටත්වය පිරිපහදු කළ නිමාවකින් යුක්ත වීම මෙහි ඇති විශේෂත්වයයි. මෙය ලොව ඕනෑම තැනක ඇති හොඳම මෙහෙයුමකට සමාන ලෝක මට්ටමේ මෙහෙයුමක්.” යැයි සම සභාපති ධම්මික පෙරේරා මහතා පැවසීය.
“ජාතික හා ගෝලීය අභියෝග මධ්‍යයේ පවා, අපි වර්ධනය සඳහා ආයෝජනය කිරීමට කැපවී සිටියෙමු. එම ඔරොත්තු දීමේ හැකියාව සහ ඉදිරි දැක්මක් ඇති මානසිකත්වය අප තුළ ගැඹුරින් මුල් බැසගෙන ඇත. අපි මෙම ගමන ඉදිරියට ගෙන යන විට, ඩිජිටල්කරණය තවදුරටත් වැළඳ ගැනීමටත්, අපගේ විශේෂඥතාව උපයෝගී කර ගැනීමටත්, අපගේ කාර්ය මණ්ඩලය සියල්ලේම කේන්ද්‍රයේ තබා ගැනීමටත් අපි අවධානය යොමු කරමු.” යැයි ඩිප්ඞ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී උප සභාපති රජිත කාරියවසම් මහතා පෙන්වා දී ඇත.
මෙම ව්‍යාපෘතිය නිෂ්පාදන, පූර්ව හා පශ්චාත් නිෂ්පාදන සහ ඇසුරුම්කරණ කාර්යයන් හරහා නව සෘජු රැකියා අවස්ථා 110 කට අධික සංඛ්‍යාවක් ද උත්පාදනය කර ඇති අතර, එමගින් කලාපයේ ආර්ථික උන්නතියට තවදුරටත් දායක වෙයි.

2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2036
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් රු.බි. 1 ක ආයෝජනයකින් නවීනතම රබර් නිෂ්පාදන කම්හලක් අරඹයි