රටේ විශාලතම සෘ විදේශ ආයෝජකයා (FDI ලෙස සමුච්චිත ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 3.37 ඉක්මවයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන රටේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා වන ඩයලොග් ආසිආටා සමූහයේ සමාගමක් වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය මව් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් කරන බවට දැනුම් දෙනු ලැබීය. මෙම ආයෝජනයත් සමග ඩයලොග් සිදුකර ඇති සමුච්චිත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.37 ද ඉක්මවයි.
ඩයලොග් ආසිආටා පීඑල්සී (DAP) හි ආයෝජනයට අදාළ අතිරේක එකඟතා ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සභාපති ඩේවිඩ් ලෝ මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්වරුන් විසිනි. ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක් පෞද්ගලික සමාගම (DBN) සඳහා වන අතිරේක එකඟතා ගිවිසුම සුපුන් වීරසිංහ මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ සමාගම් ලේකම් විරන්ති ආටිගල මහත්මිය විසින් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) පාර්ශවයෙන් එහි සභාපති, අර්ජුන හේරත් මහතා ගිවිසුම් දෙකට අත්සන් තබන ලදී. අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය සහ Axiata Group Berhad හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සුඩ් මහතා ද සහභාගී වූහ.
රට පුරාම පාරිභෝගිකයන්ටත්, ආර්ථිකයටත් ධනාත්මක බලපෑමක් ඇති කරමින්, රටේ ඩිජිටල් නාවෝත්පාදන සඳහාද පොළඹීමක් ඇති කරන බව අපේ විශ්වාසයයි.” යනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පැවසීය.
“මෙම ආයෝජනය, ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් ඩයලොග් තුළ පවතින ගැඹුරු විශ්වාසය යළි යළිත් තහවුරු කිරීමක්.” යනුවෙන් Axiata Group Berhad හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සුඩ් මහතා පැවසීය. “අපගේ සමාගම් හරහා ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධතා අඛණ්ඩව සැලසීමට හැකිවීම අපට ආඩම්බරයට කාරණයක්. ඒ වගේම, වේගවත් ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට ඉවහල් වන 5G වාණිජ කලාපය පිළිබඳවත් අපි අතිමහත් බලාපොරොත්තු තබා සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ “අනාගත පරම්පරාවේ සම්බන්ධතාවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන්, ව්‍යාපාර හා ප්‍රජාව සවිබල ගන්වමින් මෙරට ශක්තිමත් ඩිජිටල් ගමන්මග සඳහා අපි අඛණ්ඩව ආයෝජන සිදුකරනවා,” යනුවෙනි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට Dialog සමූහයෙන් තවත් ඩොලර් මිලියන 100 ක්