විමුක්ති එස් රුද්‍රිගු
රජය විසින් දියත් කර ඇති දින 100 ඩිජිටල් වැඩසටහන සාදරයෙන් පිළිගන්නා බවත් එම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය ලබාදෙන බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය පසුගියදා ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවා, අධ්‍යාපනය, ව්‍යාපාර සහ ආරම්භක ව්‍යාපාර ඩිජිටල්කරණය වේගවත් කිරීමත් 2030 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමන ශක්තිමත් කිරීමත් මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.
වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ සභාපති ආචාර්ය දයාන් මහතා ප්‍රකාශ කර සිටියේ සිය සම්මේලනය රජයේ දින 100 වැඩසටන සාදරයෙන් පිළිගන්නා බවත් ඩිජිටල්කරණයට අනුගතවීම වේගවත් කිරීමටත්, ගෝලීය ඩිජිටල් වේදිකාවේ ශ්‍රී ලංකා ස්ථානය ශක්තිමත් කිරීමටත් සම්මේලනය සම්පූර්ණ සහාය ලබාදෙන බවත්ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඩිජිටල්කරණය දින 100 වැඩසටහනට තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලන සහය