ට්‍රම්ප් බද්දෙන් ලබන වසරේදී මෙරට බාහිර අංශයේ ක්‍රියාකාරීත්වයට මෙන්ම පරිභෝජනයට බලපෑමක්
එම බද්ද හේතුවෙන් සෘජුව සහ වක්‍රව රුකියා අහිමිවීමට ඉඩ
අගෝස්තු මස පැනවූ තීරැ බද්ද අඩු වුවත් එය සමස්තයක් ලෙස ඉතිහාසගත ඉහළ මට්ටමක්
පසුගිය වසරේ සියයට 2.4 ක්වූ සාමාන්‍ය තීරැ බද්ද අගෝස්තු මාසය වනවිට සියයට 17.4 දක්වා ඉහළ ගිහින්
එකඟතාවකින් තොරව වෙළෙඳ ගිවිසුම් කීපයක් ප්‍රකාශයට පත් කිරීම මෙම වෙළෙඳ අවිනිශ්චිතතාව ඇතිවීමට හේතුවක්
විමුක්ති එස්. රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වීමේ ප්‍රවණතාව මෙම වසරේද අඛණ්ඩව පැවතුණත් ඇමෙරිකාව මෙරට ප්‍රධාන අපනයනයන සඳහා පනවා ඇති සියයට 20 ක තීරු බද්ද ලබන වසරේ මෙරට ආර්ථික වර්ධනය මන්දගාමී කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පැනවූ සියයට 20 ක තීරු බද්දෙන් මෙම වසරේදී මෙරට ඇඟලුම් සහ රබර් ඇතුළු ඇමෙරිකාවට අපනයන කරන නිෂ්පාදනවලට එල්ල වන බලපෑම අවම වුවත් ලබන වසරේදී ඇමෙරිකානු තීරු බද්ද මෙරට බාහිර අංශයේ ක්‍රියාකාරීත්වයට මෙන්ම පරිභෝජනයට බලපෑමක් එල්ල කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.
ලබන වසරේදී ඇමෙරිකානු තීරු බද්ද හේතුවෙන් සෘජුව සහ වක්‍රව රැකියා අහිමිවීමට ඉඩ තිබීම එයට හේතුව බවද ආසියානු සංවර්ධන බැංකුව පැවැසුවේය.
අඛණ්ඩව වෙළෙඳ ප්‍රතිපත්තියේ අවිනිශ්චිත කරමින් ඇමෙරිකානු තීරුබදු ඉතිහාසගතවන ඉහළ මට්ටමකට පැමිණ තිබෙන බව ආසියානු සංවර්ධන බැංකුව පැවැසුවේය. පසුගිය අප්‍රේල් මස 2 වැනිදා ප්‍රකාශයට පත්කළ තීරු බද්දට වඩා අගෝස්තු මස පැනවූ තීරු බද්ද අඩු වුවත් එය සමස්තයක් ලෙස ඉතිහාසගත ඉහළ මට්ටමක පවතින බවද එම බැංකුව සඳහන් කළේය.
පසුගිය වසරේ සියයට 2.4 ක්වූ සාමාන්‍ය තීරු බද්ද අගෝස්තු මාසය වනවිට සියයට 17.4 දක්වා ඉහළ ගොස් තිබෙන බවද ආසියානු සංවර්ධන බැංකුව පැවැසුවේය. අවසන් එකඟතාවකින් තොරව වෙළෙඳ ගිවිසුම් කීපයක් ප්‍රකාශයට පත් කිරීම මෙම වෙළෙඳ අවිනිශ්චිතතාව ඇතිවීමට හේතුවී තිබෙන බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.
එහිදී නිෂ්පාදන, ඉදිකිරීම් සහ සේවා අංශ පෙන්නුම් කරන ශක්තිමත් ප්‍රගතිය හේතුවෙන් මෙම වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 3.9 ක් වනු ඇති නමුත් එය ලබන වසරේදී සියයට 3.3 ක් දක්වා පහළ වැටෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇත. එසේම ලබන වසරේදී මෙරට උද්ධමනය සියයට 4.5 ක් වනු ඇති බවද එම සිය නවතම වාර්තාව මගින් පුරෝකථනය කර තිබේ.
මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට කර්මාන්ත නිෂ්පාදනය සියයට 5.1 කින් වර්ධනය වූ අතර එය මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයට පෙර පැවැති මට්ටමට ළඟා වීමක් විය. එසේම ජූලි මාසයේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය මුදල සියයට 19.6 කින් වර්ධනය වී තිබූ අතර වාහන ආනයනය, අඩු පොලී අනුපාත සහ හිතකර ව්‍යාපාර වටපිටාව එයට හේතුව විය.
2025 ඔක්තෝබර් මස 08
1328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1246
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප් බද්දෙන් මෙරට ආර්ථික වර්ධනය මන්දගාමී වේවි - ආසියානු සංවර්ධන බැංකුව