ඩොනල්ඩ් ට්‍රම්ප් සිය විදේශ වෙළෙදාම මත පනවන ලද අලුත් බදු ජාත්‍යන්තරය කැළඹීමකට පත් කොට තිබේ. සාමාන්‍යයෙන් ඉහළ නංවා ඇති සියයට දහයක බදු ප්‍රතිශතයට අමතරව ශ්‍රී ලංකාවෙන් ගෙන්වන භාණ්ඩ හෝ සේවා සඳහා සියයට 44 ක අතිරේක බද්දක් පනවා තිබේ. ඉන්දියාවට සියයට 26 ක්, පිලිපීනයට 14 ක් හා සිංගප්පූරුවට සියයට 10 ක් වශයෙන් බදු ප්‍රතිශත අලුතින් එකතුවන බව දැක්වේ. ඇමරිකාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාව පනවන අධික බදු සලකා මෙම ඉහළ ප්‍රතිශත පනවන ලද බව දැක්වෙන අතර මෙම පසුබිම අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියේ දී පත්වන අවදානම දෙස කොටස් වෙළෙඳපොළ සුළු ආයෝජකයන් විශේෂයෙන් පරෙස්සම් වන බවක් පෙනේ.
ඉදිරි කාලය තුළ මෙරට අපනයන සඳහා ඇමරිකාවෙන් පවතින ඉල්ලුම තවත් අඩු විය හැකි අතර එය ආර්ථිකයේ ස්ථාවරභාවයට තර්ජනයක් වනු ඇතැයි සැලකේ. මේ අතර ජනාධිපතිවරයා ඇමරිකානු බදු ව්‍යුහය සලකා බලා අධ්‍යයනය කිරීමට විශේෂ කමිටුවක් ද පත් කොට තිබේ.
මේ අතර ඇමරිකානු බදු තීරණය ඇතුළු කරුණු හේතු කොටගෙන ඊයේ (අප්‍රියෙල් 03) වෙළෙඳ තියුණු පසුබෑමක් වාර්තා කළේය. ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,657.60 තෙක් ඉහළ ගිය අතර කලින් දිනයට සාපේක්ෂව දර්ශක 349.84 ක පසුබෑමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,643.32 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 119.30 ක පහළ යෑමක් සේ දැක්විය හැකිය. ආරම්භයේ පසුබැසීම ආරම්භ වූ අතර විකිණීමේ උත්සාහය හේතු කොටගෙන දර්ශක පහළ අගයකට පත්විය.
කුඩා තේ වතු රු. මිලියන 396 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 280 ක්, හැටන් නැෂනල් රු. මිලියන 246 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 228 ක්, ඩිප් ප්‍රඩක්ට් රු. මිලියන 187 ක්, හේලීස් රු. මිලියන 178 ක්, ටීජේ ලංකා රු. මිලියන 178 ක්, හේලීස් පැබ්රික් රු. මිලියන 124 ක්, සම්පත් රු. මිලියන 119 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 71 ක්, සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 70 ක් ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
නිරීක්ෂක
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු කොළඹ කොටස් වෙළෙඳපොළට