IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්ගේ බදු ක්‍රමයට කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ කණස්සල්ල

  • පවතින තීරු බද්ද සියයට 12.5 ක්. ඊට 
  • අමතර තවත් සියයට 44 ක් පැනවෙනවා යනු මුළු බද්ද සියයට 56.5 දක්වා ඉහළ යාමක්

විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ යටතේ ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44 ක තීරු බද්දෙන් දේශීය ස්වාභාවික රබර් කර්මාන්තයට එල්ල වන බලපෑම පිළිබඳව දැඩිව කණස්සල්ලට පත්ව සිටින බව කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
 
ස්වාභාවික රබර් කර්මාන්තය මෙරට ප්‍රධාන අපනයන අංශයක් බවත්, රැකියා අවස්ථා සහ විදේශ විනිමය ඉපැයීම් යන දෙකටම සැලකිය යුතු දායකත්වයක් සපයන බවත් කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය පැවැසුවේය. පවතින තීරු බද්ද සියයට 12.5 ක් බවත් ඊට අමතර තවත් සියයට 44 ක් පැනවෙනවා යනු මුළු බද්ද සියයට 56.5 දක්වා ඉහළ යනු ඇති බවත් එම සංගමය ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ රබර් අපනයන ඇමරිකානු වෙළෙඳපොළ තුළ ඉතා තරඟකාරී නොවන තත්වයකට පත් කරනු ඇතැයි කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථිකයට මෙන්ම රබර් කිරි කපන්නන්ට සහ ඔවුන්ගේ පවුල්වලටද මින් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි රබර් වෙෙළඳුන්ගේ සංගමය පැවැසුවේය.
 
ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් එල්ල වන බලපෑම අවම කිරීමට පහත සඳහන් ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බව රබර් වෙෙළඳුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
 
අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය: ඇමරිකානු වෙළෙඳපොළ මත යැපීම අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්වභාවික රබර් සඳහා අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමට රජය දිරිමත් කිරීම් ලබාදිය යුතුය.
 
දේශීය රබර් ගොවීන් සහ ව්‍යාපාර සඳහා සහාය: තීරු බද්ද නිසා ඇති වූ ආර්ථික පසුබෑමෙන් බේරීමට උපකාර කිරීම සඳහා බලපෑමට ලක් වූ රබර් ගොවීන්ට සහ ව්‍යාපාරවලට ක්ෂණික මූල්‍ය ආධාර, සහනාධාර හෝ සහන පැකේජ ලබා දිය යුතුය.
 
රබර් අංශය සඳහා දිගුකාලීන උපායමාර්ගික සැලසුම්කරණය: රබර් අංශයේ අනාගත වර්ධනය සහ තිරසාරභාවය සඳහා පුළුල් උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා රජය රබර් වෙ​ෙළඳුන්ගේ සංගමය සමග එකතුව කටයුතු කළ යුතුය.
 



අදහස් (0)

ට්‍රම්ප්ගේ බදු ක්‍රමයට කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ කණස්සල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site