IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ජූලි සංචාරක පැමිණීම් සියයට 6.6 කින් ඉහළට

 

  • පළමු මාස හතේදී ඉපැයූ ආදායම ඩො. බි. 2.03 ක්
  • මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයන් ගණන 1,408,335 ක් දක්වා ඉහළ ගිහින්
  • ජ‌ුලි මාසයේදී සංචාරක ආදායම ඩොලර් මිලියන 318.5 ක්
  • වසරේ පළමු මාස 7දී සංචාරකයන්ගෙන් ඉපැයූ ඩොලර් බිලියන 2.03 ක්. පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.8 ක ඉහළ යාමක්
  • ජ‌ුලි මාසයේදී 200,244 ක සංචාරක පිරිසක් මෙරටට පැමිණිලා
  • ලක්ෂ 30ක සංචාරක ඉලක්කය සපුරා ගැනීමට ඉදිරි මාස කීපයේදී සංචාරකයන් 1,591,665 ක් මෙරටට ගෙන්වා ගත යුතුයි
  • ඩොලර් බිලියන 5 ක් උපයා ගැනීමේ ඉලක්කයට ඉදිරි මාස 5 දී තවත් ඩො. බි. 2.97න ආදායමක් උපයන්න ඕනෑ

විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය ජූලි මාසයේදී මෙරට සංචාරක ආදායම 2024 වසරේ ජූලි මාසයට සාපේක්ෂව පහළ යමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 2024 වසරේ ජූලි මාසයට සාපේක්ෂව පසුගිය ජූලි මාසයේදී මෙරට සංචාරක ආදායම පහළ ගියද සංචාරකයන්ගේ පැමිණීම සියයට 6.6 කින් වර්ධනය වී ඇත.

පසුගිය ජූලි මාසයේදී මෙරට සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 318.5 ක් බවත් 2024 වසරේ ජූලි මාසයේදී මෙරට සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 328.3 ක් බවත් මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. එම තොරතුරු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සමීක්ෂණ දත්ත මත පදනම් වී ඇත.

මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.03 ක් බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.8 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වන අතර 2024 වසරේ පළමු මාස 7 තුළදී සංචාරක අංශයෙන් මෙරට ඉපැයූ ආදායම ඩොලර් බිලියන 1.88 ක් වී තිබිණි.

පසුගිය ජූලි මාසයේදී 200,244 ක සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණීමත් සමග මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරටට පැමිණි සංචාරකයන් පිරිස 1,368,288 ක් දක්වා ඉහළ ගියේය. 2024 වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව එය සියයට 14.2 ක වර්ධනයක් විය.

මෙම මස පළමු දින 5 තුළදී මෙරටට සංචාරකයන් 40,047 ක් මෙරටට පැමිණ ඇති අතර ඒ අනුව මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයන් ගණන 1,408,335 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මෙම වසරේදී මෙරටට ලක්ෂ 30 සංචාරකයන් පිරිසක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට ඉදිරි මාස කීපය තුළදී 1,591,665 ක් මෙරටට ගෙන්වා ගත යුතුව ඇත. එසේම සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 5 ක් උපයා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට ඉදිරි මාස 5 දී තවත් ඩොලර් බිලියන 2.97 ආදායමක් ඉපැයිය යුතුව තිබේ.

සංචාරක ක්ෂේත්‍රයට හොඳම වසරක් ලෙස සැලකෙන 2018 වසරේ අගෝස්තු මාසයේදී මෙරටට සංචාරකයන් පැමිණ තිබුණේ 200,359 ක් වන අතර එම වසරේම සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයන් 149,087ක් පමණි.

මෙතෙක් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාවෙන් මේ දක්වා සංචාරකයන් 286,085 ක් මෙරටට පැමිණ ඇත.

මෙරටට මෙම වසරේදී සංචාරකයන් ලක්ෂ තිහක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් හා උපාය මාර්ගික මුල පිරීම් ක්‍රියාත්මක කිරීමේදී රජයේ ප්‍රමාදය සම්බන්ධයෙන් සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවෝ පසුගියදා දැඩි දෝෂාරෝපණ එල්ල කළහ.

ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ගෝලීයව ලැබී තිබෙන පිළිගැනීම වැඩි කර ගැනීම සඳහා ක්‍රියාත්මක වීමට මෙරට බලධාරීන් අසමත්වී ඇති බවත් ඒ සඳහා තිබෙන කාලයද අවසන් වෙමින් යන බවත් පාර්ශවකරුවෝ එහිදී ප්‍රකාශ කළහ.

මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් රටවල් 40 කට නිදහස් වීසා පහසුකම් ලබාදීමට ගත් ප්‍රතිපත්තිමය තීරණයත් සමග තවත් රටවල් තමන්ට එම පහසුකම ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි පැවැසෙයි.

මේ වනවිට එම තීරණය නීතිපති අනුමැතිය සඳහා යොමුකර තිබෙන අතර නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු ක්‍රියාත්මක වීමට නියමිතය.

කෙසේ නමුත් මෙම තීරණයට ධනාත්මක මෙන්ම සෘණාත්මක ප්‍රතිචාරද ඉදිරිපත් වෙමින් තිබෙන අතර රටවල් 40 කට නිදහස් වීසා පහසුකම් ලබාදීම මෙම වසරේ ලක්ෂ 30 සංචාරක ඉලක්කය සපුරා ගැනීමට උදව්වක් වනු ඇති බවත් ඉන් මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවත් ඇතැම් පාර්ශ්වකරුවෝ පවසති.

තවත් රටවල් 40ක පුරවැසියන්ට නිදහස් වීසා පහසුකම් ලබා දීමට රජය ගෙන ඇති තීරණය මෙරට දැනටමත් ව්‍යාප්ත වෙමින් තිබෙන විදේශීය නීති විරෝධී ව්‍යාපාර තවත් වැඩි වීමට හේතුවක් වියහැකි යැයි ඇතැම් පාර්ශ්වකරුවෝ බිය පළ කරති. ආගමික හා විගාමික පනත ක්‍රියාත්මක කිරීමේදී මෙරට බලධාරීන් දක්වන දුර්වල ස්වභාවය ඊට හේතුව වී ඇතැයි පැවැසෙයි.

සංචාරක වීසා කාණ්ඩය යටතේ මෙරටට පැමිණෙන විදේශිකයන්, විශේෂයෙන් ඊශ්‍රායල ජාතිකයන් දේශීය හවුල්කරුවන් සමග එකතුවී ආගන්තුක නිවාස, සමාජ ශාලා, සර්ෆින් ක්‍රීඩා සමාජ, පබ් සහ කුලී රථ සේවා වැනි ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන බවත් විදේශිකයන් ලාබ ලබාගත්තත් එම ව්‍යාපාර තිබෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ නමට බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් නීත්‍යානුකූලව පවත්වා ගෙන යන ව්‍යාපාරවලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගත නොහැකි බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

දත්ත වාර්තා නැවත වරක් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සම්බන්ධ වීමට උත්සාහ ගත්තත් ඊයේ (10) ඉරිදා දිනයක් වූ බැවින් ඒ සියලු‍ උත්සාහ අසාර්ථක විය.

 



අදහස් (0)

ජූලි සංචාරක පැමිණීම් සියයට 6.6 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16954 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site