IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජූලි මාසයේ ඇගලු‍ම් අපනයනයේ සියයට 9.84ක වර්ධනයක්

ඉපැයූ ආදායම ඩොලර් මිලියන 455.16ක්


භානුක අමරසිංහ 


ශ්‍රී ලංකාවේ ඇගලු‍ම් අපනයන ක්ෂේත්‍රය 2025 ජූලි මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 455.16ක ආදායමක් රැස් කිරීමට සමත්ව ඇතැයි ඒකාබද්ධ ඇගලු‍ම්    සංගම් සංසදය පවසයි.  

මෙය 2024 ජූලි මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 414.38 හා සැසඳීමේදී සියයට 9.84ක වර්ධනයකි. එහිදී යුරෝපා සංගමය (එක්සත් රාජධානිය හැර) වෙත කළ අපනයනය සියයට 26.69ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එසේම වෙනත් වෙළෙඳපොළ වෙත කළ අපනයනද සියයට 24.24ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මීට අමතරව එක්සත් රාජධානිය වෙත සිදුකළ අපනයන සියයට 0.72ක සුළු ඉහළ යාමක් සටහන් කර ඇති අතර, එක්සත් ජනපදය වෙත සිදුකළ අපනයන ජූලි මාසයේදී සියයට 2.7 කින් පහත වැටී ඇතැයිද එම සංගමය පවසයි. 

එසේම ජනවාරි මාසයේ සිට ජූලි දක්වා කාලය තුළදී සමස්ත ඇගලු‍ම් අපනයනයයේ වටිනාකම ඩොලර් මිලියන 2,916ක් දක්වා ඉහළ නැග තිබේ. මෙය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ ඩොලර් මිලියන 2,673.19 හා සැසඳීහේදී සියයට 9.09ක වර්ධනයකි. එසේම යුරෝපා සංගමය (එක්සත් රාජධානිය හැර) වෙත සිදුකළ අපනයනය සියයට 18.2කින්ද, වෙනත් වෙළෙඳපොළ වෙත සිදුකළ අපනයනයන් සියයට 11.2කින්ද ඉහළ ගොස් තිබේ. මෙහිදී එක්සත් රාජධානිය වෙත සිදුකළ අපනයනය සියයට 5.65කින්ද, එක්සත් ජනපදය වෙත සිදුකළ අපනයනය සියයට 2.91කින්ද ඉහළ ගොස් තිබේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංගම් සංසදයේ ප්‍රකාශකවරයා, ‘ජූලි මාසයේ සහ පළමු මාස හතෙහිදී පෙන්නුම් කළ මෙම වර්ධනය මගින් ශ්‍රී ලංකාවේ ඇගලු‍ම් කර්මාන්තය සතු අනුවර්තනයවීමේ හැකියාව පෙන්නුම් කරනවා. ඒ වගේම යුරෝපා සංගමය වැනි ප්‍රධාන වෙළෙඳ පොළ තුළ අපගේ ඇගලු‍ම් කර්මාන්තය සතු ස්ථානයත් මින් පැහැදිලි වෙනවා.’ යනුවෙන් පවසා සිටියි. 

 



අදහස් (0)

ජූලි මාසයේ ඇගලු‍ම් අපනයනයේ සියයට 9.84ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site