(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවට පැමිණෙන ජර්මානු සංචාරකයින් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට ජර්මනියේ රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධව ප්‍රචාරණ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා පැවසීය.
මීළඟ සති කිහිපය ඇතුළත ජර්මනියේ තෝරා ගත් රූපවාහිනී නාලිකාවක් සමඟ ප්‍රචාරණ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් වෙන්කර තිබෙන බවද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ජර්මනිය ඇතුළු යුරෝපයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්, සෙසු රටවල සංචාරකයින්ට සාපේක්ෂව දෛනිකව වැඩි මුදලක් මෙරට දී වියදම් කරනු ලබන හෙයින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද කිසූ ගෝමස් මහතා වැඩිදුරටත් කීය.
මේ වන විට ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ ජර්මනිය පසුවන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් කියා සිටියේ ජර්මනිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙළෙඳපොළක් බවත්, 2018 වසරේ දී ජර්මානු සංචාරකයින් 156,888 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබු බවත් , මේ වසරේ මුල් මාස 9 දී ජර්මනියෙන් 93,886 දෙනෙක් මෙරට සංචාරය සඳහා පැමිණ ඇති බවත්ය.
අනෙක් සංචාරකයින්ට ජර්මනියෙන් ශ්‍රී ලංකාවට එන සංචාරකයින් වැඩි වශයෙන් මුදල් වැය කරන බවත් , ශ්‍රී ලංකාවට එන සංචාරකයෙක් දළ වශයෙන් දිනකට ඩොලර් 174 ක් වියදම් කළ නමුත් ජර්මනියෙන් සහ යුරෝපයෙන් එන සංචාරකයෙක් ඩොලර් 350 සිට ඩොලර් 1,500 දක්වා වියදම් කරන්නේ යැයිද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක කර්මාන්තයේදී හොඳම ප්‍රචාරය දෙන්නේ සතුටින්.. මව්රට බලා යන තෘප්තිමත් සංචාරකයන් විසින්, එය නොමිලයේම ලැබෙන ප්‍රචාරයක්... විශ්වාසනීය බවින් වැඩි නිසා තවත් සංචාරකයන් ඒ අනුවම මෙරටට පැමිණෙනවා. ඉතින් අප කළ යුත්තේ පැමිණෙන සංචාරකයින්ට ඉහළම සේවාවක් දීමයි. වංචා නොකිරීමයි. එය මිලියන සිය ගාණක් වියදම් යන වැඩක් නොවේ. ඉතින් අපේ රටේ සෑම පුරවැසියෙකුගේම යුතුකමක් තියෙනවා සංචාරකයින්ට හොඳින් සලකන්න. ශ්‍රී ලාංකිකයින්ගේ රුධිර ගත ආගන්තුක සත්කාරය අමුතුවෙන් කියා දිය යුතු දෙයක් නොවේ. එ්ත් අවාසනාවට සංචාරක කලාපවල සිටින සුළුතර තක්කඩින් පිරිසක් සංචාරකයන් යනු මුදල් උල්පත් යයි සිතා අධික මිල ගණන් පැවසීමත් ඔවුන් සූරා කන්න පටන් ගැනීමයි. එවන් දේ නිසා අපකීර්තියට පත් වන්නේ අපේ මව්බිමයි...
සංචාරකයෝ ඕනනම් යුරෝප් ගමනාන්ත වෙත නැවත ගුවන් ගමන් පටන් ගත යුතුයි.