භානුක අමරසිංහ
මෙරට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය/ ආයුර්වේද සේවා ලබාගැනීම සඳහා මේ වසරේ පළමු මාස හය තුළදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 6,749ක් ලෙස සටහන්ව තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය මගින් මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය සඳහා ඉදිරිපත් කළ විවරණ වාර්තාව තුළ මේ බව සටහන්ව තිබේ.
ඒ අතරින් සෞඛ්‍ය/ ආයුර්වේද සේවා ලබාගැනීමට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ජර්මනියෙන් වන අතර එය සංචාරකයන් 3,594 කි. ඒ අනුව මෙරට තුළ වැඩිම කාලයක් රැඳී සිටින සහ වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් පිරිසක් ලෙස ද මෙම ජර්මානු සංචාරකයන් හඳුනාගෙන තිබෙන බව එම අධිකාරිය සඳහන් කරයි.
මෙලෙස සෞඛ්‍ය/ ආයුර්වේද සේවාවන් වෙනුවෙන් මෙරට වෙත දෙවැනියට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි. එය සංචාරකයන් 126ක් වෙයි. එසේම ප්‍රංශයෙන් සංචාරකයන් 113ක්ද, එක්සත් ජනපදයෙන් සහ රුසියාවෙන් පිළිවෙළින් සංචාරකයන් 92ක් බැගින් සහ ඔස්ට්‍රේලියාවෙන් 80ක් පැමිණ තිබේ. නෙදර්ලන්තයෙන් පැමිණි පිරිස 71 කි. ඉන්දියාවෙන් සහ චීනයෙන් පැමිණ ඇති පිරිස පිළිවෙළින් 24ක් සහ 11 කි.
2024 වසරේදීද ජර්මානු සංචාරකයන් වැඩි පිරිසක් මෙම ආයුර්වේද සේවා ලබාගැනීම සඳහා පැමිණ ඇති අතර, එය 4,702 කි.

2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජර්මන් සංචාරකයන් අතර මෙරට ආයුර්වේදයට වැඩි කැමැත්තක්