භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජෙගදීසන් දුරෙයිරත්නම් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.
ඒ අනුව මැයි 06 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් සහිත දුරෙයිරත්නම් මහතා වසර 36ක කාලයක් කොමර්ෂල් බැංකුවේ සේවය කර තිබේ. 2018 වසරේදී ඒ මහතා බැංකුවෙන් විශ්‍රාම යන විට එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේය. වර්තමානයේදී ඒ මහතා ඒෂියන් හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසත්, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමෙහි සහ ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෙගදීසන් දුරෙයිරත්නම් ටෝකියෝ සිමෙන්ති අධ්‍යක්ෂ මණ්ඩලයට