IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඩුබායි ශාඛාව පළමු සංවත්සරය සමරයි

මෙරට පැරැණිතම සහ ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරුවේය. මෙම සන්ධිස්ථානය චීන රසයෙන් සපිරි ආහාර ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔවුන් සතු කැපවීම තහවුරු කරයි. 1942 සිට ශ්‍රී ලාංකික කුළුබඩු යොදා සකසන රස ගුණ සපිරි ආහාර පාරිභෝගිකයන්ට සපයන චයිනීස් ඩ්‍රැගන් කැෆේහි ඩුබායි ආගමනය සිදු වූයේ 2023දීය.
 එය ඩුබායිහි අල් කරාමා ප්‍රදේශයේ පිහිටා තිබේ. ශ්‍රී ලාංකික චීන අවන්හලක් ජාත්‍යන්තර වශයෙන් සිය ව්‍යාපාර පුළුල් කළ පළමු අවස්ථාව මෙය වේ. ‘‘අපගේ ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරීම පිළිබඳව ඉතාම සතුටුයි. විවිධ රටවලින් පැමිණෙනල විවිධ සංස්කෘතිවලට අයත් පාරිභෝගිකයන් ශ්‍රී ලාංකික සහ චීන රසවල සම්මිශ්‍රණයක් වන අපගේ ආහාර රස විඳිනවා. ඩුබායිහිදී අපට ලැබුණු පිළිගැනීමෙන් පිළිබිඹු වන්නේ ලොව පුරා චයිනීස් ඩ්‍රැගන් කැෆේ වෙත ඇති පිළිගැනීමයි.” කළමනාකරණ අධ්‍යක්ෂ උදේෂි මහතා පැවසීය.


චයිනීස් ඩ්‍රැගන් කැෆේහි පාරිභෝගිකයන් අතර වඩාත්ම ජනප්‍රිය ආහාරයක් ලෙසHot Butter Cuttlefish හැඳින්විය හැකිය. වසර 82කට වඩාත් පැරැණි වට්ටෝරුවක් වන මෙයට ඇති සුවිශේෂ රසය කිසිවෙකුට අමතක නොවන්නකි. මෙය සම්ප්‍රදාය සහ රසය මුසු කිරීම සඳහා චයිනීස් ඩ්‍රැගන් කැෆේ සතු හැකියාවට හොඳම උදාහරණයකි. නාසි ගුරාන්, සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්, ටොම් යම් ගූන් වැනි ආහාරවලටද සුවිශාල ඉල්ලුමක් ඇත. චයිනීස් ඩ්‍රැගන් කැෆේ කෙටි කාලයකින් ඩුබායිහි පදිංචිකරුවන් සහ ශ්‍රී ලාංකිකයන් අතර අතිශය ජනප්‍රිය අවන්හලක් බවට පත් වී තිබේ. චයිනීස් ඩ්‍රැගන් කැෆේ Noon Foods, Talabat, Careem, Deliveroo වැනි ජනප්‍රිය බෙදා හැරීමේ ආයතන සමඟද එක් වී ඇත.



අදහස් (0)

චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඩුබායි ශාඛාව පළමු සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2082 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site