IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


චීනයෙන් ශ්‍රී ලංකාවට ආදර්ශ රැසක් ගත හැකියි

යොහාන් භාසුර

චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව කොතරම් විවේචන තිබුණත් එම සැසිවාර චීනයට පමණක් නොව සමස්ත ලෝකටම වැදගත් බවත් රටක දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දිගු කාලීන සැලසුම් වඩාත් වැදගත් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය.

චීන ආණ්ඩුව පසුගියදා පැවැත්වූ ජාතික සැසිවාර දෙක පිළිබඳව දැනුවත් කිරීම සඳහා ‘චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය’ කොළඹදී පැවැත්වූ විද්වත් සාකච්ඡාවේදී වෛද්‍ය ජී. වීරසිංහ මහතා එසේ පැවසීය.

සැලසුම් කිරීම කාලීන අවශ්‍යතා සඳහා වැඩාත් වැදගත් වන බව කී වීරසිංහ මහතා චීනය නොමැතිව ලෝකය ගැන කතා කළ නොහැකි තත්වයක් චීනය නිර්මාණය කරගෙන ඇති බවද සඳහන් කළේය.

වරින් වර වෙනස් වන ප්‍රතිපත්තිවලින් බැහැරව, ජාතික ප්‍රතිපත්ති මත ඉදිරියට යෑම වඩාත් වැදගත් බවත් ශ්‍රී ලංකාවට එවැනි සැලසුමක් නොමැතිවීම විශාල ගැටලු‍වක් බවට පත්ව ඇති බවත් එම හමුවට සහභාගි වූ විද්වත්හු පැවසූහ.

චීනය සිය ආර්ථික හා සාමාජීය ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින අතර සංවර්ධනයේ නව ජයග්‍රහණ ලබා ගැනීමේ අධිෂ්ඨානය සහ අදාළ සැලසුම් මෙවර චීන රාජ්‍ය කාරක වාර්තාවේ සඳහන් වූ බවත් ලෝකයේ ප්‍රගමනයට දෙන දායකත්වය සහ එම සැලසුම්වලින් ශ්‍රී ලංකාවට ගත හැකි ආදර්ශ විශාල බවත් විද්වත්හු පෙන්වා දෙති.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, චීන අධ්‍යයනය පිළිබඳ විශේෂඥ මලයාසියාවේ ක්වාලාලාම්පූර් විශ්විද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් අධ්‍යයනාංශයේ හිටපු ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මහාචාර්ය විමල් හේවාමානගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා යන මහත්වරු එහිදී අදහස් දැක්වූහ.



අදහස් (0)

චීනයෙන් ශ්‍රී ලංකාවට ආදර්ශ රැසක් ගත හැකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site