විමුක්ති එස් රුද්‍රිගු
චීනයට මැකාවු ප්‍රදේශය සපයන ආකාරයේ සේවාවක් ශ්‍රී ලංකාවට ඉන්දියාවට සැපයීමට අවස්ථාවක් උදාකර දීමට කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) හෝටල් සංකීර්ණයට හැකියාව තිබෙන බව මෙල්කෝ රිසෝට්ස් ඇන්ඞ් එන්ටර්ටේන්මන්ට් හි ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
ඉන්දියාවට ආසන්නතම රට ශ්‍රී ලංකාව බැවින් කලාපයේ සංචාරක කර්මාන්තයට සිටි ඔෆ් ඩ්‍රීම්ස් නව අරුතක් ගෙන එනු ඇතැයි ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාව තුළ මෙවැනි සුඛෝපභෝගී ඒකාබදධ හෝටල් සංකීර්ණයක් ආරම්භ වීම මෙරට ආර්ථිකයටද තල්ලුවක් වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. මැකාවු ප්‍රදේශය චීන සංචාරකයන් විනෝදාස්වාදය ගෙන දෙන ගමනාන්තයක් ලෙස වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 30 ක් උපයන බවද හෝ මහතා පැවැසුවේය.
බෙන්තොට වෙරළ තීරයේ සිට මහනුවර කඳුකරය දක්වා ශ්‍රී ලංකාව ගවේෂණය කිරීමට සහ සෆාරියක යාමට තමන්ට අවස්ථාව ලැබුණු බවත් ශ්‍රී ලංකාව යනු විවිධත්වයෙන් යුත් විස්මයජනක රටක් බවත් ලෝරන්ස් හෝ මහතා ප්‍රකාශ කළේය.
සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට එකතු වෙමින් මෙල්කෝ රිසෝට්ස් ඇන්ඞ් එන්ටර්ටේන්මන්ට් හි ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ මහතා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදි වූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීරණය වන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගිය 2 වැනිදා විවෘත කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයට මැකාවු සපයන ආකාරයේ සේවාවක් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සපයන්න පුළුවන්