SDB බැංකුව සිය ආයතනික කළමනාකරණ මණ්ඩලය තව දුරටත් ශක්තිමත් කරමින් චිත්‍රාල් ද සිල්වා මහතා එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන ව්‍යාපාර නිලධාරී තනතුරට පත් කර ඇත. දශක හතරක් පුරා බැංකු ක්‍ෂේත්‍රයේ අත්දැකීම් සම්භාරයක් ලබා ඇති චිත්‍රාල් මහතා ආයතනික වශයෙන් පරිවර්තනීය වෙනසක් කිරීමේ ශක්‍යතාව ක්‍රියාවෙන් තහවුරු කළ නිලධාරියෙකි.
Deutsche බැංකුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ චිත්‍රාල් මහතා එහිදී බැංකු මෙහෙයුම් පිළිබඳ සිය කුසලතා ඔප් නංවා ගත්තේය. පසුව සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නායකත්ව ධුරයක් හෙබවූ ඔහු සෙලාන් බැංකුවේ සාර්ථකත්වය උදෙසා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. එසේම ඔහු ශාඛා බැංකු මෙහෙයුම්, සංවර්ධන බැංකුකරණය, ප්‍රතිසාධනය, බැංකු ප්‍රේෂණ සහ ව්‍යාපාරික ඵලදායීතාව උදෙසා ක්‍රමෝපායික පිළිවෙත් සැකසීම යන බැංකුකරණ ක්‍ෂේත්‍රවල ඉහළ ප්‍රවීණත්වයක් හොබවයි. සම්ප්‍රදායයික බැංකුකරණයෙන් ඔබ්බට ගිය චිත්‍රාල් මහතා බැංකුකරණයේ ඩිජිටල් පරිවර්තනය සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ Silicon Valley ys Emojot Inc තොරතුරු තාක්‍ෂණ සමාගමේ ව්‍යාපාර සංවර්ධන උපදේශන කටයුතුවලට සම්බන්ධ වෙමින් සිය අනුවර්තන කුසලතා සහ නව්‍යකරණ සංකල්ප ප්‍රදර්ශනය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චිත්‍රාල් සිල්වා SDB බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට