IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගුවන් තොටුපොළ මගී තදබදය සියයට 17.69කින් ඉහළට

  • පැමිණ ඇති ජාත්‍යන්තර ගුවන් මගීන් ගණන 8,884,010 දක්වා ඉහළට
  • 8,718,163 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට
  • වැඩිම පිරිසක් ගුවන් තොටුපොළ භාවිත කළේ 2018 දී. එම සංඛ්‍යාව මිලියන 10.88 ක්
  • වෙනත් රටකට යෑමට පැමිණි ජාත්‍යන්තර ගුවන් මගීන් ගණන 758,681 ක්
  • කටුනායකට ජාත්‍යන්තර ගුවන් ගමන්වල සියයට 20.69 ක වර්ධනයක්
  • භාණ්ඩ ප්‍රවාහනය මෙට්‍රික් ටොන් 192,498 ක් දක්වා සියයට 21.13 කින් ඉහළට

විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ඒමට සහ ශ්‍රී ලංකාවෙන් පිටවීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිත කළ ජාත්‍යන්තර ගුවන් මගීන් ගණන 2023 වසරට සාපේක්ෂව සියයට 17.69 කින් වර්ධනය වෙමින් 8,884,010 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

මෙම සංඛ්‍යාවෙන් 8,718,163 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති බව එම දත්ත වාර්තාවල දැක්වේ. 2020 වසරෙන් පසු ශ්‍රී ලංකාවට ඒමට සහ ශ්‍රී ලංකාවෙන් පිටවීමට මෙරට ගුවන් තොටුපොළවල් භාවිත කළ වැඩිම පිරිස පසුගිය වසරේ වාර්තා වී ඇති අතර, මෙම සන්ධිස්ථානය ශ්‍රී ලංකාව ලෝකයත් සමග සම්බන්ධ කිරීමේදී, සංචාරක, වෙළෙඳාම සහ වාණිජ කටයුතු සඳහා පහසුකම් සැලසීමේදී මෙරට ගුවන් සේවා යටිතල ව්‍යුහය ඉටු කරන වැදගත් කාර්යභාරය ඉස්මතු කර පෙන්වන බව ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි.

පසුගිය වසර 12 ක කාලය තුළ මෙරට ගුවන් තොටුපොළවල් භාවිත කළ ඉහළම පිරිස 2018 වසරේදී වාර්තා වන බවත් එය සංඛ්‍යාවක් ලෙස මිලියන 10.88 බවත් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

එසේම පසුගිය වසරේදී සංචාරකයන් 2,025,579 දෙනකු ගුවන් මගින් මෙරටට පැමිණ තිබෙන බවත් වෙනත් රටකට යෑම සඳහා ජාත්‍යන්තර ගුවන් මගීන් 758,681 දෙනකු අතරමැදි ගුවන් තොටුපොළක් ලෙස මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිත කර තිබෙන බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.

කෙසේ වෙතත් පසුගිය වසරේදී වෙනත් රටකට යෑමට අතරමැදි ගුවන් තොටුපොළක් ලෙස මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිත කළ පිරිස 2023 වසරට සාපේක්ෂව පහළ ගොස් ඇති බවත් 2023 වසරේදී 890,245 ක පිරිසක් වෙනත් රටකට යෑමට අතරමැදි ගුවන් තොටුපොළක් ලෙස මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිත කර ඇති බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.

එසේම ජාත්‍යන්තර ගුවන් සේවාවල ගුවන් යානා ගමන්වාර 56,289 ක් පසුගිය වසරේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබෙන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 20.69 ක වර්ධනයක් බවත් එම දත්ත වාර්තාවල සඳහන් වේ. 2023 වසරේ ජාත්‍යන්තර ගුවන් සේවාවල ගුවන් යානා 46,639 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ පිටව ගොස් තිබිණි.

සියලු‍ම ගුවන් ගුවන් තොටුපොළවල් හරහා සිදුවූ භාණ්ඩ ප්‍රවාහනය 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙට්‍රික් ටොන් 192,498 ක් දක්වා සියයට 21.13 කින් වැඩි වී ඇති බවත් 2023 වසරේදී මෙරට ගුවන් තොටුපොළවල් හරහා මෙට්‍රික් ටොන් 158,911 ක භාණ්ඩ ප්‍රමාණක් ප්‍රවාහනය වී තිබූ බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අමතරව එමිරේට්ස්, කටාර් එයාර්වේස්, සිංගප්පූරු, එතිහාඩ්, එයාර් ඉන්ඩියා, ඉන්ඩිගෝ සහ තුර්කි යන ගුවන් සේවා ඇතුළුව ලොව ප්‍රමුඛතම ගුවන් සේවා 30 කට අධික ගණනකට පසුගිය වසරේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවා සපයා ඇතැයි ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි. ස්කයිට්‍රැක්ස් ශ්‍රේණිගත කිරීමට අනුව ලොව හොඳම ගුවන් සේවා 10 අතර සිටින කටාර් එයාර්වේස්, සිංගප්පූරු ගුවන් සේවය, එමිරේට්ස්, කැතේ පැසිෆික් එයාර්වේස්, තුර්කි ගුවන් සේවය සහ ස්විස් යන ජාත්‍යන්තර ගුවන් සේවාවලටද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවා සපයා ඇත. 



අදහස් (0)

ගුවන් තොටුපොළ මගී තදබදය සියයට 17.69කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site