IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ගෝලීය අලෙවිකරණ වැඩසටහන නැතුව සංචාරක ඉලක්ක සාර්ථක වන්නේ නෑ


භානුක අමරසිංහ


වර්තමාන රජයේ සංචාරක ඉලක්කය වන වසර 2030 දී සංචාරකයන් මිලියන 5ක ඉලක්කයක් සපුරා ගැනීමට සහ සංචාරක ආදායම ඩොලර් බිලියන 10ක් බවට පත් කරගැනීමට නම් සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් ගෝලීය අලෙවිකරණ වැඩසටහන ඉක්මණින්ම ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ (SLAITO) හි සභාපති නලින් ජයසුන්දර මහතා අවධාරණය කරයි.

පසුගියදා පැවැත්වුණු එම සංගමයේ 45 වැනි වාර්ෂික මහා සභාව අමතමින් සභාපතිවරයා මෙම කරුණු සඳහන් කළේය. “2030 වසර වනවිට සංචාරක පැමිණීම් මිලියන 5ක ඉලක්කය සාර්ථක කරගනිමින් එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීමට හැකිවීමෙන් සංචාරක කර්මාන්තය ලංකාවේ අංක 01 විදේශ විනිමය උපයන්නා බවට පත් කිරීමේ හැකියාවක් පවතිනවා. එහෙත් එය සාර්ථක වන්නේ දිගු කාලයක් පුරා ප්‍රමාද වී පවතින ගෝලීය අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වුණොත් පමණයි’’ සභාපතිවරයා මෙහිදී පවසා සිටියේය.

විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ සියලු‍ දෙනාගේම සුභ සිද්ධිය වෙනුවෙන් එම අලෙවිකරණ වැඩසටහන ප්‍රමුඛතා පදනමින් දියත් විය යුතුව ඇති බවත්, එය කර්මාන්තයට සම්බන්ධ සියලු‍ දෙනාගේම බලාපොරොත්තුව බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

“අපි අපගේ අලෙවිකරණය නිසි ලෙස සිදු කරන්නේ නම් අපිට සංචාරකයන් වැඩි වශයෙන් සහ අඩු වශයෙන් පැමිණෙන කාල ගැන කතා කරන්න වෙන්නේ නෑ. ඒ නිසා මම සියලු‍ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ගමනාන්ත අලෙවිකරණය වෙත අවධානය සහ ප්‍රමුඛතාව ලබා දෙන්න කියලා. එසේ නොවුණොත් ශ්‍රී ලංකාව තවදුරටත් ලෝක සංචාරක ව්‍යාපාරයේ හොඳින්ම සැඟවුණු රහස බවට පත්වෙලා තියේවි.’’

මේ අතර, සංචාරක කර්මාන්තය සඳහා වන ජනාධිපති සංචාරක කාර්යසාධක බලකාය පිහිටුවීම ඉතාමත් හොඳ කරුණක් දෙයක් බවත්, ඒ හරහා සංචාරක කර්මාන්තයට අදාළ අමාත්‍යාංශය වෙත පෞද්ගලික අංශයේ විශේෂඥයන් සමගින් එකට එක්ව කටයුතු කරමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අවස්ථාව හිමි වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම රටවල් 40ක් වෙත නොමිලේ වීසා ලබාදීමට ගෙන ආ යෝජනාව හරහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බොහෝ සංචාරකයන් උනන්දු කරවනු ඇතැයිද සභාපතිවරයා පැවසුවේය. මීට අමතරව මත්තල ගුවන් තොටුපොළ සඳහා වන ගුවන් තොටුපොළ බදු ඉවත් කිරීම තවදුරටත් ක්‍රියාත්මකවීම හේතුවෙන් ඉදිරි ශීත ඍතු සමයේදී ඒ වෙත සිදු කරන රුසියානු විශේෂිත ගුවන් යානා තවත් ධෛර්යමත් කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් සංචාරක කර්මාන්තය අනුව බලන විට විසඳා ගත යුතු කාරණා කිහිපයක්ම මේ මොහොතේ පවතින බවත් නලින් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. “මූලිකවම දුම්රිය ටිකට්පත් මිලදී ගැනීමේ ක්‍රමවේදය වඩාත් සරල කිරීම අවශ්‍යයි. ඒ වගේම වඩාත් තිරසාර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන් එක්වරකට දරාගැනීමට අසීරු තරම් සංචාරකයන් පිරිසක් පැමිණෙන ඇතැම් සංචාරක ආකර්ෂණීය ස්ථාන පිළිබඳව වර්ග කළ යුතු වෙනවා.’’

එහිදී විශේෂයෙන්ම අනෙකුත් සංචාරක ගමනාන්ත හා තරග කිරීමට නම් හොඳ මිලකට ගුණාත්මක නිෂ්පාදනයක් සංචාරකයන් වෙත ලබාදීමට කටයුතු කළ යුතුව ඇතැයිද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සේවා ලබා දෙන අන්තර්ජාල වේදිකා ඇතුළු සියලු‍ම පාර්ශ්ව වෙත අයකරන බදු එක සමාන මට්ටමකට ගෙන ආ යුතු බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

මේ අතර අද වනවිට මෙරට තුළ විදේශ භාෂා කතා කළ හැකි සංචාරක මගපෙන්වන්නන්ගේ හිඟයක් පවතින බව පෙන්වා දුන් ජයසුන්දර මහතා, එය මඟහැරවීම සඳහා වෘත්තීමය මට්ටමේ විදේශ භාෂා කතා කරන සංචාරක මගපෙන්වන්නන් ඉහළ දැමීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පවසා සිටියේය.

“SLAITO ආයතනය විදියට අපි දැනටමත් මේ ගැටලු‍ව සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපතිවරුන් සමගින් සාකච්ඡා කරලා තිබෙනවා. එහිදී අපි තීරණයක් ගෙන තිබෙනවා අපේ සංගමයට සම්බන්ධ සංචාරක මගපෙන්වන්නන්ගේ ගාස්තු ලබන දෙසැම්බර් 01 වැනිදා සිට සියයට 55කින් ඉහළ නංවන්න’’ යනුවෙන්ද සභාපතිවරයා සඳහන් කළේය.



අදහස් (0)

ගෝලීය අලෙවිකරණ වැඩසටහන නැතුව සංචාරක ඉලක්ක සාර්ථක වන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 747 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 903 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site