
භානුක අමරසිංහ
කොළඹ ගලධාරි හෝටලයේ අලුත්වැඩියා කටයුතු සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BIO) සමගින් 2023 නොවැම්බර් 14 දා ඇති කරගත් එකඟතාව යටතේ සිදු කරන එක්සත් ජනපද ඩොලර් මිලියන 33.5 ක ආයෝජනය, ඩොලර් මිලියන 48.5ක් දක්වා ඉහළ නංවන බව ගලධාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී සමාගම පවසයි.
පසුගිය ඔක්තෝබර් 02 වැනිදා සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මේ සදහා හිමිව ඇති අතර, නොවැම්බර් 06 වැනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගින් ඊට අදාළ අතිරේක එකඟතාවට පිවිසුණු බවත් සමාගම සඳහන් කරයි. ඒ අනුව මෙම අලුත්වැඩියාව සදහා අතිරේකව තවත් ඩොලර් මිලියන 15ක ආයෝජනයක් සිදු කිරීමට නියමිතව තිබේ. මෙහිදී අදාළ හෝටල් අලුත්වැඩියාව සඳහා වන මෙම මුදල් ආයෝජනය එක්සත් අරාබි එමීරයේ Mashreq Bank PSC සහ හෝටලයේ පරිපාලක සමාගම වන Galadari Brothers Co. LLC මගින් සිදු කරයි.
2025 නොවැම්බර් මස 21
130
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගලධාරි අලුත්වැඩියාවට තවත් ඩොලර් මිලියන 15ක්