
කොට්ටාව මයික්‍රෝ ටෙක් ඩිජිටල් සෝන්හි අලෙවිකරු අදිත්‍ය ලක්ෂාන්
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කොට්ටාව දුරකතන අලෙවිසැලක් වූ මයික්‍රෝ ටෙක් ඩිජිටල් සෝන් (Microtech digital Zone) වෙතය. එහි අලෙවිකරුවකු වූ අදිත්‍ය ලක්ෂාන් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
මේ බිස්නස් එක පටන් අරන් මේ වෙද්දි අවුරුදු 5ක් වෙනවා. අපි අලෙවි කරන්නේ ජංගම දුරකතන සහ ජංගම දුරකතන උපාංග. මේ දිනවල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් හොඳයි වරදක් නෑ. බිස්නස්වල යම් වැඩිවීමක් තියනවා. ගිය වසර සමග සාපේක්ෂව ගත්විට මේ වසරේ බිස්නස් හොඳයි.
බිස්නස් හොඳවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් වැඩි වීමට බලපාන ප්‍රධානම හේතුවක් තමයි ජංගම දුරකතන පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට හැකියාව තිබීම. අපේ වෙළෙඳසලෙන් ඇන්ඩ්‍රොයිට් ජංගම දුරකතන ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්න පුළුවන්. ඇපල් ජංගම දුරකතන නම් ගෙවීමේ ක්‍රමයට ලබාදෙන්නේ නෑ. ඇන්ඩ්‍රොයිට් ජංගම දුරකතනයක් ඉතාම අඩු මුදලකට මිලදී ගැනීමේ හැකියාව නෑ. මිල ගණන් වැඩියි.
වර්තමානයේ පවතින ආර්ථික රටාව අනුව විශාල මුදලක් එකවර ලබා දී දුරකතනයක් මිලදී ගැනීමේ හැකියාවක් බොහෝ පාරිභෝගිකයන්ට නෑ. ඒ නිසා මුලින් කුඩා මුදලක් ගෙවීම් කරලා දුරකතනයක් මිලදී ගන්න පුළුවන් පහසුකම තියනවා. ඉතිරි මුදල පහසු ගෙවීමේ ක්‍රමයට මාසිකව ගෙවාගෙන යන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම හේතුව වුණේ මේ දිනවල බිස්නස් ඉහළ යාමට.
ශෂිකා අබේරත්න
2025 ඔක්තෝබර් මස 08
1666
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1408
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
501
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගිය වසරට සාපේක්ෂව මේ වසරේ බිස්නස් හොඳයි.