IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ගිය වසරට සාපේක්ෂව මේ වසරේ බිස්නස් අඩුවෙලා

දෙවැනි හරස් වීදියේ GK TEXTILEහි ව්‍යාපාරික ජී.කනගරාජ්


කලක පටන් බොහෝ පාරිභෝගිකයන් පිටකොටුවට පැමිණියේ රෙදිපිළි මිලදී ගැනීමට ය. එහෙත් පසුකාලීනව එම තත්වය පසුබැස ගියේ නුගේගොඩ, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව හා ප්‍රාදේශීය වශයෙන් නිමි ඇඳුම් කඩ විවෘතවීමත් සමග ය. එය කෙසේ වුවද තවමත් පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳාමට අගුල් දැමීමට හැකියාවක් ලැබී නැත. ඊට හේතු වී ඇත්තේ අතේ ඇති මුදලට ඇඳුමක් මිලදී ගැනීමට හැකි වෙළෙඳපොළක් පිටකොටුවේ නිර්මාණය වී තිබීම නිසාවෙනි.
පිටකොටුවේ රෙදිපිළි වෙ‍ළෙඳාමේ දී තොග සහ සිල්ලර ලෙස පැහැදිලි බෙදීමක් තිබුණ ද රෙදිපිළි සිල්ලර වෙළෙඳාම වෙනත් නගරවලට බෙදී ගියත් තවමත් රෙදිපිළි තොග වෙළෙඳාම ඇත්තේ පිටකොටුවේ දෙවැනි හා තෙවැනි හරස් වීදිවල ය.  
මේ දිනවල පිටකොටුව වෙළෙඳ නගරයේ වෙළෙඳාමේ තතු සොයා බැලීමට පිටකොටුවට ගිය ගමනේ දී අප ගොඩවැදුනේ දෙවැනි හරස් වීදියේ GK TEXTILE වෙළෙඳ ආයතනය වෙතටයි. එහි ව්‍යාපාරික ජී.කනගරාජ් මහතා මේ දිනවල වෙළෙඳාම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. 

මේ දිනවල බිස්නස් කොහොමද?
ගිය වසරට සාපේක්ෂව ගත්තොත් මේ වසරේ බිස්නස් අඩුවෙලා තියෙන්නේ. මේ කඩ ටික දැක්කම පේනවනේ කොච්චර පාලු‍වට ගිහින් ද කියන එක. කොළඹ කොටුව දෙවැනි හරස්වීදියේ සාප්පු කියන්නේ ඉස්සර පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරිලා යන තැනක්. ඒ වගේ පාරිභෝගිකයන්ගෙන් පිරුණු කඩ සාප්පුවක් දැන් දකින්න ලැබෙන්නේ නැහැ.


බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
වසර 75ක කාලයක සිට රෙදිපිළි ව්‍යාපාරයේ නිරතවෙලා ඉන්නේ. වෙළෙඳ සහයකයන් දෙන්නෙක් අප ආයතනයේ සේවය කරනවා.  තොග  සහ සිල්ලර කියන දෙඅංශය යටතේම ව්‍යාපාර කටයුතු කරනවා. ඉන්දියාවෙන් සහ තොග වෙළෙන්ඳන්ගෙන් ලබා ගන්න රෙදිපිළි අප වෙළෙඳසලෙන් ලබා ගන්න පුළුවන්. 
ගිය වසරත් එක්ක ගත්තහම අමු රෙදිවල මිල ගිය වසරට සාපේක්ෂව අඩුවීමක් තියෙනවා. රෙදි මිල අඩු වුණා කියලා භාණ්ඩ ගන්න එන පාරිභෝගිකයන්ගේ වැඩිවීමක් වෙලා නැහැ. මේ දිනවල සීසන් එකක් නැති නිසා බිස්නස් අඩුයි කියලා කියන්න බැහැ. පසුගිය සීසන් එකෙත් සැලකිය යුතු මට්ටමේ බිස්නස් එකක් තිබුණේ නැහැ. 
භාණ්ඩයක් ගන්න පාරිභෝගිකයෙක් ආවොත් තමයි අපිට බිස්නස් එකක් තියෙන්නේ. පවතින ආර්ථික මට්ටමත් එක්ක පාරිභෝගිකයන්ට මූලික අවශ්‍යතාවලට අමතරව තවත් දෙයක් මිලදී ගන්න හැකියාවක් නෑ. මාසෙට රුපියල් පනස්දාහක පඩියක් ගන්න කෙනෙක් මාසික ආහාර අවශ්‍යතාව, ජල බිල්, විදුලි බිල් ගෙව්වම අතේ මුදලක් ඉතිරි වෙන්නේ නැහැ. මිනිස්සු අතේ සල්ලි නැතිකම තමයි බිස්නස් කඩාවැටෙන්න මූලිකම හේතුව. අද වෙද්දී මිනිස්සු මුදලක් වියදම් කරන්න කලින් දහ දොළොස්වතාවක් හිතලා අත්‍යවශ්‍යම නම් විතරයි භාණ්ඩයක් මිලදී ගන්න එන්නේ. අපේ බිස්නස් සාමාන්‍ය මට්ටමකට හරි රඳා පැවතිලා තියෙන්නේ පාරිභෝගිකයාට දරන්න පුළුවන් මුදලට තෝරා ගැනීමට අවස්ථා තිබීම නිසයි. 


මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

ගිය වසරට සාපේක්ෂව මේ වසරේ බිස්නස් අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 989 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site