

මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට මාලබේ වෙළෙඳ නගරයට ගිය ගමනේ දී අපි ගොඩවැදුනේ රෙදිපිළි වෙළෙඳසැලක් වන ප්‍රියා ෆැෂන් වෙළෙඳ ආයතනයටයි. එහිදී ව්‍යාපාරික එච්.යූ.සුමින්ද මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
වසර 10ක කාලයක ඉඳන් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. අපේම ගාමන්ට් එකක නිමවන නිමි ඇඳුම්වලින් ආරම්භ කළ ව්‍යාපාරයක්. එම ඇඟලුම් ආයතනයේ සේවකයෝ හයදෙනෙක් සේවය කරනවා. අපිම නිමවන ඇඳුම් නිසා ඇඳුමක් නිම කිරීමට වැයවන මුදල අඩුයි. එනිසා අඩු මිලකට රෙදිපිළි අලෙවි කිරීමට පුළුවන්වීමෙන් සාමාන්‍ය මට්ටමක ලාබයක් තියෙනවා. ගිය වසරට සාපේක්ෂව ගත්තොත් බිස්නස්වල වැඩිවීමක් තියෙනවා.
Q බිස්නස් වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
අපේම නිමවුම් අලෙවිකරණ නිසා සාමාන්‍ය මට්ටමකට ලාබයක් ලබන්න පුළුවන්. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ තමයි හොඳ බිස්නස් එකක් තියෙන්නේ. නැවතත් නොවැම්බර් අග වෙද්දී නත්තල් සීසන් එකත් එක්ක බිස්නස් එකක් තියෙනවා. මේ දවස්වල අතරින් පතර පාරිභෝගිකයෝ ඇවිත් ඇඳුම් මිලදීගෙන යනවා. අපි සෑම විටම පාරිභෝගිකයාට සහනදායී මුදලට නිමි ඇඳුමක් දෙන්න තමයි උත්සහ කරන්නේ.
යම් මට්ටමකට බිස්නස් අඩුවෙන්න පාරිභෝගිකයා අතේ මුදල් නොමැතිකම තමයි ප්‍රධානවම බලපා තියෙන්නේ. අද වෙද්දී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න මුදල් යෙදෙව්වම අමතර භාණ්ඩයක් මිලදී ගන්න පාරිභෝගිකයාට හැකියාවක් නැහැ. ඇතැම් පාරිභෝගිකයෝ වෙළෙඳසලට ඇවිත් මිල ගණන් අහලා හැරිලා යන අවස්ථා තියෙනවා.
ඊට අමතරව පාරිභෝගිකයෝ සෑම විටම උත්සහ කරන්නේ නම ගිය නිමිඇඳුම් අලෙවිසල්වලින් රෙදිපිළි මිලදී ගන්න. ඔවුන් තුළ තියෙන ආකල්පය තමයි හොඳම ඇඳුමක් ගන්න නම් යන්න ඕනේ නමගිය තැනකට කියන එක. සමහර අවස්ථාවල අනෙක් වෙළෙඳසල්වල තියෙන ඇඳුමක්ම අපේ වෙළෙඳසලේ හොඳම අමුද්‍රව්‍යවලින් නිමවලා අඩු මිලකට තියෙනවා. ඒ වගේම කාලයක් අපි සමඟ ගනුදෙනු කරපු පාරිභෝගිකයෝ අපි ගැන විශ්වාසය තියලා අපි සමග ගනුදෙනු කරනවා. මේ කියන හේතු නිසා තමයි අද වෙද්දී බිස්නස්වල අඩු වැඩිවීමක් වෙලා තියෙන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ගයාන් අමරසේකර
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගිය වසරට සාපේක්ෂව බිස්නස් වැඩියි