IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 20,000 කට වැඩි ගණනක් අවදානමක

විමුක්ති එස් රුද්‍රිගු

බංකොළොත් වීමට හෝ ඈවර කිරීමට අවදානමක් තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 20,000 කට වැඩි ගණනක් මෙරට තිබෙන බවත් ආර්ථික අර්බුදයෙන් බැට කා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට හුස්ම ගැනීමට ඉඩක් ලබාදීම සඳහා රජය පරටේ නීතිය ක්‍රියාත්මක කිරීම මාස 12 කින් ප්‍රමාද කළ බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගියදා කොළඹදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනක සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා සිට මෙම වසරේ දෙසැම්බර් මස අවසානය තෙක් පාරටේ නීතිය ක්‍රියාත්මක කිරීම රජය කල් දමා තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. එම කාලය ලබා දීමෙන් රජය බලාපොරොත්තු වූ අරමුණ ඉටුකර ගැනීමට නම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සමග සංවාදයක් ගොඩනගා ගැනීමට මෙරට බැංකු පද්ධතියේ සහාය රජයට අවශ්‍ය වන බව සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.

ලබාදී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට රජය ආරාධනා කර සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බංකොළොත් වීමට හෝ ඈවර කිරීමට අවදානමක් තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 20,000 න් බැංකුව වෙත පැමිණ ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් බවත් පසුගිය පෙබරවාරි මාසයේ දත්තවලට අනුව බැංකුවේ වෙත පැමිණ ඇත්තේ 1000 කටත් අඩු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ගණනක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එහිදී පැවැසුවේය.

රජය ලබාදී ඇති වාසි පිළිබඳව අර්බුදයට පත්ව ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ දැනුවත්භාවය සහතික කිරීම සඳහා බැංකු පද්ධතිය සමග මෑතකදී සාකච්ඡාවක් පැවැත්වූ බවත් ශ්‍රී ලංකා සිය ණය ප්‍රතිව්‍යුහගත කළ පරිද්දෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට බැංකුවලින් ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (0)

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 20,000 කට වැඩි ගණනක් අවදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 274 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 316 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1245 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site