භානුක අමරසිංහ
කොවිඞ්-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ සිට ඩිජිටල් වේදිකාවක් හරහා සිදු කෙරුණු කොළඹ තේ වෙන්දේසිය පසුගියදා සිට යළිත් සාම්ප්‍රදායික වෙන්දේසි ක්‍රමයට ලංකා වාණිජ මණ්ඩලයේදි ආරම්භ වූ බව වාර්තා වෙයි.
කොළඹ තේ අලෙවිකරුවන්ගේ සංගමය මගින් ගන්නා ලද තීරණාත්මක තීන්දුවකට අනුව යළිත් මෙලෙස සජීවී වෙන්දේසි ක්‍රමය වෙත යොමුවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කාර්තුවකට වරක් මෙම අලෙවිය සිදු කිරීම සැලසුම වී තිබේ.
විශේෂයෙන්ම කොළඹ තේ අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සහ එම කමිටුව සඳහන් කරන ආකාරයට මෙලෙස සාම්ප්‍රදායික ක්‍රමය යටතේ තේ වෙන්දේසිය පැවැත්වීම හරහා එම ක්ෂේත්‍රයේ දැනුම සහ නිපුණතාව තවදුරටත් පවත්වාගෙන යා හැකි බව පවසයි. එසේම වසර 135කට අධික කාලයක් පුරා තැරැව්කරුවන්, ගැනුම්කරුවන් සහ අලෙවිකරුවන් එකට එක්ව පැවැත්වූ මෙම අවස්ථාව යළිත් ඒ ආකාරයෙන් පැවැත්වීම සුදුසු බවත් ඔවුන් පෙන්වා දෙයි.
පසුගියදා පැවැත්වුණු මෙම තේ වෙන්දේසිය වඩාත් නිදහස් ආකාරයෙන් පැවැත්වුණු අතර විවෘත වෙළෙඳ පොළ තත්ත්ව යටතේ ඉහළ තරගකාරීත්වයකින් ලංසු ඉදිරිපත් කිරීමට ගැණුම්කරුවන්ට අවස්ථාව උදා විය. එහිදී කවුළු 948කින් තේ කිලෝග්‍රෑම් මිලියන 1ක් අලෙවි වී තිබේ.
මෙම අවස්ථාවේදී වෙන්දේසි කාමරය නව පරම්පරාවේ ගැණුම්කරුවන්, තැරැව්කරුවන් සහ අලෙවිකරුවන්ගෙන් පිරී තිබූ බවත් සඳහන් වෙයි. ඉන් බොහෝ දෙදෙනකු මීට පෙර මෙවැනි තරගකාරී තේ වෙන්දේසියකට ඉදිරිපත් නොවූවන් වීමත් විශේෂත්වයකි
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොළඹ තේ වෙන්දේසිය වසර හතරක පසුව යළිත් ලංකා වාණිජ මණ්ඩලයේදී