IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කොළඹ කොටස් හුවමාරුවේ දරුණු පසුබැසීමක්

කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් ඊයේ (27) දිනයේදී දරුණු කඩා වැටීමක් වාර්තා විය. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 22,662.09 ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 182.14 කින් එනම් සියයට 0.80කින් සහ ස්ටෑන්ඩර්ඞ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා දර්ශකය ඒකක 6,268.45ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 42.85 කින් එනම් සියයට 0.68කින් පහත වැටුණි. 

දිනය තුළ සමාගම් 45ක කොටස් මිල ඉහළ යාම සිදු වූ අතර, සමාගම් 183ක කොටස් මිල පහත වැටුණි. විශේෂයෙන්ම ආයෝජකයන් තුළ පවතින ලාභ ඉපැයීමේ අපේක්ෂාවන් මෙලෙස දර්ශක අගයන් පහත වැටීමට හේතුව වී තිබේ. 

එසේම දිනය අවසානයේදී සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,341 ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයේ වාර්තා වූ රුපියල් මිලියන 3,441 ක පිරිවැටුමට සාපේක්ෂව සියයට 32ක පසුබැසීමකි. එහිදී දිනය තුළදී දේශීය මිලදී ගැනීම් සහ දේශීය විකුණුම් පිළිවෙළින් සියයට 29කින් සහ සියයට 30 කින් පහත වැටී තිබේ. එසේම විදේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 16.3ක් දක්වා සියයට 90 කින් පහත වැටී තිබේ. දිනය අවසානයේදී සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 8.09ක් වූ අතර, එය වසරේ මේ දක්වා සියයට 42.04ක වර්ධනයකි.

 



අදහස් (0)

කොළඹ කොටස් හුවමාරුවේ දරුණු පසුබැසීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 299 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site