IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොළඹගේ මාවත - ටොරිංටන් මාවත නිවාස ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කෙරේ

කොළඹගේ මාවත ව්‍යාපෘතියේ නිවාස ඒකක 615ක්. ටොරිංටන් මාවත නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 115ක්

ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 7.48 ක්


නිමල කොඩිතුවක්කු


නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ කොළඹගේ මාවත හා ටොරිංටන් මාවත නිවාස ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කර අතරමග නවතා තිබූ කොළඹගේ මාවත හා ටොරිංටන් මාවත යන පෙදෙස්හි ඇති නිවාස ව්‍යාපෘති දෙකෙහි මූලික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා 2024 -12- 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

 කොළඹගේ මාවත ව්‍යාපෘතිය නිවාස ඒකක 615 කින් සහ ටොරිංටන් මාවත නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 115කින් සමන්විත වේ. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 7.48 ක් වන අතර, ඉදිකිරීම් කටයුතු නිම කිරීම සඳහා වසර දෙකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, එකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2026 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා වෙන් කර ගැනීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කොළඹගේ මාවත - ටොරිංටන් මාවත නිවාස ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site