IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


කොළොන්නාවේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනයට කැබිනට් අනුමැතිය

නිමල කොඩිතුවක්කු
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොළොන්නාව නිමාවේ 7 වැනි කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොළොන්නාව නිමාවේ 7 වැනි කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම නිර්දේශ කර තිබේ.

කොළොන්නාව නිමාවේ 7 කලාපයේ පෙට්‍රල්, ඩීසල් සහ භුමිතෙල් සඳහා අති නවීන පිරවුම් පහසුකම් සඳහා වන සම්පූර්ණ සැලැස්ම සකස් කිරීම සහ එම කලාපයේ පෙට්‍රල් පිරවුම් පහසුකම ඉදිකිරීම අදියර - 1 ක්‍රියාත්මක කිරීම සඳහා වන මුළු පිරිවැය රුපියල් මිලියන 1455 +බදු ලෙස ඇස්තමේන්තු කර ඇත.
ඒ අනුව, කොළොන්නාව නිමාවේ 7 කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීම සහ ඉංජිනේරු, ප්‍රසම්පාදන, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුවක් වශයෙන් ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කොළොන්නාවේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනයට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 565 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site