
විදුලි උපකරණ, ජංගම දුරකථන, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ඔර්ලෝසු මිලදී ගැනීමට පාරිභෝගිකයන් පියනගන්නේ පළමුවැනි හරස්වීදියට ය. පළමුවැනි හරස් වීදිය මුල් යුගයේ දී පළමුවැනි හරස් වීදිය මාකට් වීදිය නමින් ද හඳුන්වා තිබේ.
මේ දිනවල පිටකොටුව වෙළෙඳ නගරයේ වෙළෙඳාමේ තත්වය කෙසේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී පළවැනි හරස් වීදියට යෑමට ද අමතක නොකළෙමු. ඒ ගිය ගමනේ දී සෙසු විදීවල මෙන් කාර්ය බහුල බවක් මෙම වීදියේ දක්නට ලැබුණේ ද නැත. සමහර වෙළෙඳසැල්වල හිමිකරු පමණක් රැඳී සිටිනුද දක්නට ලැබිණ.
මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් පළමුවැනි හරස්වීදියේ ව්‍යාපාරිකයකුවන මංජුල හේමන්ත මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මේ දිනවල උත්සව සමය පැවතුණ ද බිස්නස්වල වැඩිවීමක් වෙලා නෑ. මේ සීසන් එකේ අපේ ව්‍යාපාරවලට ලොකු පාරිභෝගික පිරිසක් ඒකරාශී වෙන්නේ නැති වුණත් වර්ෂ අවසාන වට්ටම් දුරකථන උපාංග, ඉලෙක්ට්‍රෝනික් උපාංග සඳහා ලබා දී තිබීම නිසා යම් පාරිභෝගික පිරිසක් භාණ්ඩ මිලදී ගන්න යොමු වෙලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව මෙපමණ ප්‍රමාණයක් අඩුයි කියලා කියන්න තරම් අඩුවක් වෙලා නෑ. එහෙත් ගිය වසරට සාපේක්ෂව බිස්නස් අඩුයි.
Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
අද වන කොට පළමුවැනි හරස්විදීයට ඇවිත් දුරකථන උපාංග හෝ ඉලෙක්ට්‍රෝනික් උපංග මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. පාරිභෝගිකයාට අවශ්‍යතාව මත භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. එයත් ව්‍යාපාර අඩුවීමට එක් හේතුවක්. ඩොලරයේ මිල පහත වැටීමත් සමඟ ආනයනික භාණ්ඩවල මිලෙහි යම් අඩුවක් නිර්මාණය වී තිබෙනවා. එහෙත් භාණ්ඩ මිලෙහි ලොකු අඩුවීමක් සිදුව නැති නිසා මිලදී ගැනීම් තරමක් දුරට අඩු වෙලා තියෙනවා.
මනීෂා වීරසිංහ
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොහොමද BUSINESS: භාණ්ඩ මිලේ අඩුවීමක් නෑ මිලදී ගැනීම් තරමක් අඩුයි