විමුක්ති එස් රුද්‍රිගු
කාසි හා නෝට්ටු පරිහරණය කිරීමට රටක දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණ වැය වෙන බවත් මෙරට අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් වන්නේ සියයට 2 ක ප්‍රතිශතයක් බවත් ලංකා පේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
ඩිජිටල්කරණය ව්‍යාප්ත වෙමින් පැවතුණත් තවමත් මෙරට රුපියල් ට්‍රිලියන 1.3 ක මුදල් සංසරණය වන බවත් එයත් කාර්තුමය වශයෙන් ඉහළ යන බවත් ඔහු පැවැසුවේය. මුදල් සංසරණය අවම කර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන්ට විශාල දායකත්වයක් ලබාදිය හැකි බවත් ඔවුන් ඩිජිටල්කරණයට යොමුවුවහොත් ඔවුන්ට මෙන්ම රටටද වාසි අත්වන බවත් සිල්වා මහතා සඳහන් කළේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඩිජිටල් කරණයට යොමු වුවහොත් මුදල් සාක්ෂරතාව මෙන්ම ඔවුන්ගේ ණය ගැනීමේ හැකියාවද වැඩිදියුණු වන බව ඔහු ප්‍රකාශ කළේය. ඩිජිටල් ගෙවීම ලබා ගැනීමෙන් සියලුම මුදල් බැංකු ගිණුම් වෙත වැටෙන බවත් එහිදී එම ආදායම් දෙස බලා බැංකුවලට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසකයන්ට ණය ලබාදීම පිළිබඳව තීරණයක් ගත හැකි බවත් සිල්වා මහතා පැවැසුවේය.
2025 නොවැම්බර් මස 04
87
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාසි හා නෝට්ටු මුද්‍රණයට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 1.5ක්