IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කර්මාන්ත ඇමැති ‘ලු‍මාලා’ කර්මාන්තශාලාවේ නිරීක්ෂණයක

දේශීය කර්මාන්තකරුවන් වර්තමානයේ මුහුණදෙන අභියෝග සහ රජය පාර්ශ්වයෙන් ඊට ලබාදිය හැකි සහයෝගය පිළිබඳ විමසා බැලීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඉකුත් මාර්තු 24 වැනිදා පානදුර පිහිටි City Cycle Industries Manufacturing  පෞද්ගලික සමාගම හෙවත් ලු‍මාලා සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. 

මෙම චාරිකාවේදී සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම සේවකයන් සමග ද සුහද කතාබහක නියැළුණු අමාත්‍යවරයා, ඔවුන් මුහුණදෙන ගැටලු‍ සහ දුෂ්කරතා විමසුවේය. සමාජ මාධ්‍ය හරහා ද අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග මෙන්ම ඊට කඩිනම් සහ ඵලදායී විසඳුම් පිරිනැමීමට ශ්‍රී ලංකා රජය සතු කැපවීම ද පෙන්වා දී තිබුණි. 

එමෙන්ම නියාමන බාධා, වෙළෙඳපොළ අසමතුලිතතා සහ සැපයුම් දාමය ආශ්‍රිත බාධා විසඳාදෙමින් දේශීය කර්මාන්තකරුවන් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්කරුවන් ලෙස ඔසවාතැබීමට රජය සතු සූදානම ද අමාත්‍යවරයා සඳහන්කර තිබුණි.

කිසිදු නියාමන පරීක්ෂාවකින් තොරව ආනයනික පාපැදි සහ උපාංග මෙරටට අධික ලෙස ආනයනය කිරීම හේතුවෙන් දේශීය පාපැදි නිෂ්පාදන කර්මාන්තය විශාල අභියෝගයකට මුහුණදෙමින් සිටින පසුබිමක අමාත්‍යවරයා මෙවන් නිරීක්ෂණ චාරිකාවට සහභාගීවීම විශේෂත්වයක් විය. තව ද, දේශීය නිෂ්පාදකයන් භාවිතයට ගන්නා අමුද්‍රව්‍ය සඳහා අධික බදු ගෙවීමක් ද සිදුවන අතර, එමගින් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමඟ වෙළෙඳපොළේ මිල තරගකාරීත්වයට මුහුණ දීම දේශීය කර්මාන්තකරුවන්ට අභියෝගයක් වී තිබේ. 

මේ වසර මුලදී මෙම අභියෝග සහ එම නිසා සිදුවිය හැකි රැකියා අහිමිවීම් සහ පුළුල් කර්මාන්තමය බාධා ගැන සඳහන් කරමින් රජයේ සහාය ලබාදෙන ලෙස ලු‍මාලා සේවකයන් විසින් රජයෙන් විශේෂ මැදිහත්වීමක් සිදුකරන ලෙස ද ඉල්ලා තිබුණි. කර්මාන්ත අමාත්‍යාංශයට අනුව සියයට 50-70ක මට්ටමක දේශීය අගය එකතුකිරීමක් සහිත නිෂ්පාදන කර්මාන්තයක්වන බැවින් ලු‍මාලා වෙත රජයේ සහයෝගය ලැබෙනු ඇතැයි සේවකයන්ගේ අපේක්ෂා වී තිබේ. 

ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය පාපැදි සන්නාමයක්වන ලු‍මාලා වසර 35කට වැඩි කාලයක් පුරා මෙරට තිරසර ගමනාගමන පහසුකම් සපයන්නකු ලෙස ක්‍රියාකර තිබේ. පසුගියදා පැවැති 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ වෙනත් කර්මාන්ත කාණ්ඩයේ හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන දිනාගැනීමට ද ලු‍මාලා සමත්විය. 

දිනකට පාපැදි 2,000ක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවකින් සමන්විත සහ 200ක සේවක පිරිසකගෙන් යුතු ලු‍මාලා සමාගම ඉදිරියටත් දේශීය සහ විදේශීය වෙළෙඳපොළ වෙත පාපැදි නිපදවීමට අපේක්ෂා කරයි. ඊට සාමාන්‍ය පාපැදි මෙන්ම විද්‍යුත් පාපැදි ද ඇතුළත් ය. එමෙන්ම වර්ෂ 2030 වනවිට ශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32 දක්වා වර්ධනය කිරීමේ සහ හරිතාගාර වායු විමෝචනය සියයට 14.5කින් අඩුකිරීමේ රජය සැලසුම් කර ඇති අතර, සිය ආයතනික සමාජ ව්‍යාපෘති ඔස්සේ මෙන්ම තිරසර නිෂ්පාදන හරහා ද ලු‍මාලා සමාගම ඊට ඉහළ දායකත්වයක් සපයයි. 

ශ්‍රී ලංකාව තම දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ සැලසුමක සිටින පසුබිමක, අමාත්‍ය  හඳුන්නෙත්තිගේ මෙම සංචාරයෙන් ද දේශීය කර්මාන්ත මුහුණ දෙන අභියෝග හඳුනාගැනීමට සහ ඒවාට පිළියම් යෙදීමට රජය සතු උනන්දුව සහ කැපවීම ද මැනවින් පිළිබිඹු වේ. 


 



අදහස් (0)

කර්මාන්ත ඇමැති ‘ලු‍මාලා’ කර්මාන්තශාලාවේ නිරීක්ෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site