IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් නිෂ්පාදන භාවිතය උතුරු ප්‍රදේශයේ ප්‍රවර්ධනය කරයි

මෙරට ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයට සහය දෙමින් තම ප්‍රමුඛතම ඩිජිටල් වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ සඳහා කලාපීය සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව විසින් යාපනයේදී ඩිජිටල් බැංකුකරණය වේගවත් කිරීමට ‘උතුර සවිබලගන්වමු’ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.
යාපනයේ තින්නායි හෝටලයේදී පැවැති මෙම වැඩසටහන, බැංකුවේ උතුරු කලාපීය කාර්යාලය හා මධ්‍යම මෙහෙයුම් ඒකකය යන අංශවල සහයෝගයෙන් බැංකුවේ ඩිජිටල් මෙහෙයුම් අංශය මගින් සංවිධානය කරන ලද අතර එයට ගනුදෙනුකරුවන්, ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන් මෙන්ම විවිධ ව්‍යාපාරික ඒකකවල නියෝජිතයෝ ද සහභාගී වූහ.   

කොම්බෑන්ක් ඩිජිටල්හි විශේෂාංග හා සේවා සහ බැංකුවේ අනෙකුත් ඩිජිටල් නිෂ්පාදනවල සම්පූර්ණ විෂය පථය පිළිබඳව සහභාගීවන්නන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කර තිබූ අතර එම සේවාවලට ප්‍රවේශ වීමේ හැකියාව සහතික කිරීම සඳහා දේශීය භාෂාවෙන් ආදර්ශන හා ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී. එම ප්‍රදේශයේ පුද්ගලයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආයතනවල මූල්‍ය කාර්යක්ෂමතාව හා මූල්‍ය ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා බිල්පත් ගෙවීම්වල සිට H2H ^Host-to-Host& සහ කොම්බෑන්ක් Trade Link වැනි ඉහළ සේවා දක්වා වන දෛනික මූල්‍ය මෙහෙයුම්වලට මෙම ඩිජිටල් වේදිකාව බාධාවකින් තොරව ඒකාබද්ධ කළ හැකි ආකාරය එහිදී ඉදිරිපත් කරන ලදී.   

එම ඉදිරිපත් කිරීමේ සැසියෙන් අනතුරුව, පැවති භෝජන සංග්‍රහයක දී බැංකු නියෝජිතයන් සමඟ සෘජුව ම සම්බන්ධ වීමටත්, කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට මෙන්ම තම අදහස් දැක්වීමට ද සහභාගීවන්නන්ට අවස්ථාව ලැබුණි. පාරිභෝගික බැංකු හා ආයතනික ගැනුම්කරුවන්ට ලබා ගත හැකි ඩිජිටල් බැංකුකරණ විසඳුම් පිළිබඳව ගනුදෙනුකරුවන්ගේ අවබෝධය පුළුල් කිරීමට මෙම අන්තර්ක්‍රියාකාරී ආකෘතිය හරහා හැකි වූ අතර පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් නව්‍යෝත්පාදන වෙනුවෙන් බැංකුවේ වූ කැපවීම කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ද හැකි වූ බව බැංකුව පැවසීය.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පෞද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා මෙසේ පැවසීය: “අපගේ පරිවර්තනීය ගමනේ වැඩි අවධානයක් දිනා ගෙන තිබෙන්නේ අපගේ ඩිජිටල් සේවා ගනුදෙනුකරුවන්ගේ පාමුලටම ගෙන යාමේ කාර්යයයි. මෙම මුලපිරීම් හරහා අපි අපගේ වේදිකා ප්‍රදර්ශනය කරනවා පමණක් නොව, ප්‍රදේශය නොසලකා සෑම ගනුදෙනුකරුවකුටම අපගේ ඉතා දියුණු ඩිජිටල් මෙවලම්වලින් ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ඇති බවට ද සහතික කරන්නෙමු. මෙවැනි වැඩසටහන් හරහා අපට දේශිය අවශ්‍යතා සපුරාලීමට හැකියාව ලැබෙන අතර ම, එමගින් ඩිජිටල් භාවිතය හරහා සංවර්ධනය කළ හැකි ප්‍රදේශවල තාක්ෂණය භාවිත කිරීම ද දිරිමත් කරයි.”


කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළෙඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙදපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම සියයට 100 තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. 

 



අදහස් (0)

කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් නිෂ්පාදන භාවිතය උතුරු ප්‍රදේශයේ ප්‍රවර්ධනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1542 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site