IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


කොමර්ෂල් බැංකුව ඉන්දිරා පිළිකා භාරය සමග අත්වැල් බැඳ ගනී

කාන්තාවන් සවිබල ගැන්වීම හා ප්‍රජා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කොමර්ෂල් බැංකුවේ ආයතනික හා සමාජයීය වගකීමෙ හි කොටසක් ලෙස පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම උදෙසා රට පුරා පැවැත්වෙන වැඩසටහන් මාලාවක් වන ඔඛක්‍ TLC ^Touch|Look|Check&  - ට්‍රයැත්ලෝන් 2025 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව ඉන්දිරා පිළිකා භාරය  ^ICT& සමග හවුල්කාරීත්වයකට එළඹ ඇත.

මෙම කර්තව්‍යය හරහා ඔක්තෝම්බර් මාසය තුළ පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම ඉස්මතු කිරීම වෙනුවෙන් ක්‍රීඩාවේ වැදගත්කම සහ සෞඛ්‍ය අධ්‍යාපනය ඒකාබද්ධ කරමින් TLCට්‍රයැත්ලෝන් 2025 තරඟය පැවැත්වේ. පියයුරු ස්වයං පරීක්ෂාව පිළිබඳ පණිවිඩය මහජනතාව අතරට ගෙන යාම වෙනුවෙන් පැවැත්වෙන දිවයිනේ ප්‍රථම ජාතික මට්ටමේ තුන් ඉරියව් තරග මාලාව මෙය වනු ඇත. පිහිනීම, බයිසිකල් පැදීම සහ දිවීම යන ක්‍රීඩා වල එකතුවෙන් කිලිනොච්චිය, මඩකලපුව, මාතර සහ කොළඹ යන නගර හතර පුරාවට මෙම තරඟාවලිය සංවිධානය වේ. ක්‍රීඩා ඉසව්වලට අමතරව, පියයුරු පිළිකාවේ මුල් සළකුණු සඳහා ස්වයං-පරීක්ෂා කිරීම සඳහා ඇති ඵලදායී ක්‍රමයක් වන TLC ක්‍රමය පිළිබඳව, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ පුහුණු ස්වෙච්චා සේවකයන් විසින් සජීවී නිරූපණ ද උපයෝගී කර ගනිමින් සහභාගී වන්නන් දැනුවත් කරනු ඇත.

ඔක්තෝබර් 5 වැනි දින කිලිනොච්චියේ රොඩි්‍රගෝ ක්‍රීඩාංගනය, ඔක්තෝබර් 12 වැනි දින මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගනය, ඔක්තෝබර් 19 වැනි දින මාතර කොටවිල ක්‍රීඩාංගනය, සහ ඔක්තෝබර් 26 වැනි දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය යන ස්ථාන වලදී මෙම වැඩසටහන් පැවැත්වීමට නියමිතව ඇත. දැනුවත්භාවය සහ ප්‍රජා සහභාගීත්වය උදෙසා ප්‍රබල වේදිකාවක් ගොඩනගමින් මෙම සුවිශේෂී තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000 කට වැඩි පිරිසක් සහ ප්‍රේක්ෂකයන් 10,000 කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට වාර්තා වන පරිදි ශ්‍රී ලංකාව තුළ දිනකට, නව පියයුරු පිළිකා රෝගීන් 15 දෙනකු හඳුනා ගන්නා අතර කාන්තාවන් 3 දෙනකුගේ ජීවිත අහිමි වේ. එහෙත් මෙම රෝගය කල් තියා හඳුනා ගැනීම මගින් නිසි ප්‍රතිකාර ලබා සුව වීමට ඇති හැකියාව ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් ස්වයං පියයුරු පරීක්ෂාව මගින් මෙම ජීවිත හානි අවම කර ගැනීමට හා රෝගී තත්වය වළක්වා ගැනීමට හැකියාව ඇත. ඒ අනුව, ස්පර්ශ කරන්න ^Touch&  බලන්න ^Look&  පරීක්ෂා කරන්න ^Check& ලෙස හැඳින්වෙන TLC හි පණිවිඩය, තීරණාත්මක හා ජීවිතාරක්ෂක පිළිවෙතක් වේ. 

 



අදහස් (0)

කොමර්ෂල් බැංකුව ඉන්දිරා පිළිකා භාරය සමග අත්වැල් බැඳ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1246 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site