IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොමර්ෂල් බැංකුවෙන් AI තාක්ෂණයෙන් බලගැන්වූ SME ණය අවදානම් තක්සේරු කිරීමේ විසඳුම්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ණය සහ මූල්‍ය විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය නව මාවතකට යොමු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI  තාක්ෂණයෙන් බලගැන්වුන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අවදානම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි.

මෙම මුලපිරීම මෙරට විශාලතම පෞද්ගලික අංශයේ බැංකුවේ තවත් විශාල ඉදිරි පිම්මකි. කොමර්ෂල් බැංකුව වෙනුවෙන්ම නිර්මාණය කරන ලද මෙම AI වේදිකාව, බැංකුවේ අභ්‍යන්තර දක්ෂතාව යොදා ගනිමින් ගෝලීය මට්ටමේ උපදේශන සමාගමක් සමග එක්ව සහයෝගී උත්සාහයක් ලෙස නිර්මාණය කර ඇත. කොමර්ෂල් බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආකෘතියට සහ අවදානම් ප්‍රතිපත්ති රාමුවට අනුකූල වන ලෙස මෙම වේදිකාව නිර්මාණය කර ඇති අතර, නිතර ඇතිවන වෙළෙඳපොළ චංචලතාවලට නොසැලී සිටිමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මූල්‍යකරණය තිරසාර ලෙස ඉහළ නැංවීම වෙනුවෙන් බැංකුව අනුගමනය කරන උපායමාර්ගික ප්‍රවේශ මෙමගින් මනාව පිළිබිඹු වේ.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය දෙන විශාලතම ණය හිමියා ලෙසත්, ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික බැංකුව ලෙස විවිධ වූ ජාත්‍යන්තර සම්මානවලින් පිදුම් ලැබ ඇති බැංකුව ලෙසත්, තම ස්ථාවරය මනාව පෙන්වා දෙමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණය නැවත අර්ථ දැක්වීමට බැංකුවේ උපායමාර්ගික කැපවීම මෙම සන්ධිස්ථානගත මුලපිරීම මගින් මනාව පැහැදිලි කර දෙයි.

මෙම විසඳුම් වේදිකාව නිර්මාණය කර ඇත්තේ Machine Learning  ඇල්ගොරිතම සහ පුරෝකථන විශ්ලේෂණ (Predictive Analytics) ක්‍රම උපයෝගී කර ගනිමිනි. එහිදී හිමිකාරීත්ව ඇල්ගොරිතම් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල හැසිරීම් දත්ත සහ මූල්‍ය සැලසුම් දත්ත විශ්ලේෂණය කර ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනා ගනු ලැබේ.

මෙම ක්‍රියාවලි මෙසේ වේදිකාව හරහා ස්වයංක්‍රීය කිරීමෙන් ණය අනුමත කිරීමේ හා ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා මෙන්ම, බැංකුවට උසස් මට්ටමේ අභිරුචිකරණය කළ නිෂ්පාදන හා තරගකාරී මිල ගණන් ද පිරිනැමීමේ හැකියාව ලැබේ. පෞද්ගලිකත්වය පිළිබඳ දැඩි ප්‍රමිති මගින් තහවුරු කර ඇති මෙම දත්ත මත පදනම් වූ ක්‍රියාවලියෙන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඔවුන්ගේ පහසුව තකා ඔවුනොවුන්ට ගැළපෙන මූල්‍ය විසඳුම් ලබා ගැනීමට සහය වනු ඇත.   

මෙම මුලපිරීමෙහි අරමුණු වන්නේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම, පාරිභෝගිකයන්ගේ පහසුව වැඩි කිරීම හා මෙම අංශය තුළ මූල්‍ය අන්තර්ගත වීම ප්‍රවර්ධනය කිරීමයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ජාතික ආර්ථිකයට ලබා දෙන වටිනා දායකත්වය හා කර්මාන්තය තුළට ESG භාවිතයන් ඇතුළත් කිරීමේ වැදගත්කම හඳුනා ගත් කොමර්ෂල් බැංකුව විසින්, මෙම AI වේදිකාව දියත් කිරීම වෙනුවෙන් සැලකිය යුතු ප්‍රමාණයේ ආයෝජනයක් කර ඇති අතර, එමගින් නව්‍යෝත්පාදනය සඳහා වෙළෙඳපොළේ නව මිණුම් දණ්ඩක් ද නිර්මාණය කරයි.

මෙසේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමෙන් පාරිභොගිකයන් මත ඇති කරන බලපෑමෙන් ඔබ්බට ගොස්, වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම, අවදානම් කළමනාකරණය සහ වත්කම්වල ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම, සම්පත් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ උසස් වන ESG අවශ්‍යතාවලට අනුවර්තනය වීමේ හැකියාව සහතික කිරීම ආදී සැලකිය යුතු ප්‍රතිලාභ රැසක් බැංකුවට හිමිවේ.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළෙඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. 

 



අදහස් (0)

කොමර්ෂල් බැංකුවෙන් AI තාක්ෂණයෙන් බලගැන්වූ SME ණය අවදානම් තක්සේරු කිරීමේ විසඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site