IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොමර්ෂල් කාඩ්පත් හිමියන්ට අලුත් අවුරුද්දේ සියයට 60 ක් දක්වා වට්ටම්


කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ මෙතෙක් හිමි වූ විශාලතම දීමනාව සමගින් මෙවර අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව ලබාදී තිබේ. 

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන් සඳහා පමණක් අප්‍රේල් 30 වැනිදා දක්වා තෝරාගත් දිනවලදී දිවයින පුරා පිහිටි වෙළෙඳසල් 4,000 කදී සියයට 60ක් දක්වා වට්ටම් පිරිනමන බව බැංකුව නිවේදනය කර ඇත.

මෙම වට්ටම් සඳහා ඇඳුම් පැළඳුම් හා විලාසිතා උපාංග වෙළෙඳ හවුල්කරුවන් 183 දෙනකු, ජීවන රටාව ආශ්‍රිත නිෂ්පාදන හවුල්කරුවන් 60 දෙනකු, සපත්තු සහ සම්භාණ්ඩ හවුල්කරුවන් 27 දෙනකු, හෝටල් හවුල්කරුවන් 59 දෙනකු, ස්වර්ණාභරණ හවුල්කරුවන් 13 දෙනකු, සෞඛ්‍ය සේවා හවුල්කරුවන් 12 දෙනකු, රූපලාවන්‍යාගාර, ස්පා සහ රූපලාවන්‍ය හවුල්කරුවන් 12 දෙනකු, සුපිරි වෙළඳසල් හවුල්කරුවන් පස් දෙනකු, මෝටර් රථ හවුල්කරුවන් පස් දෙනකු, ඔරලෝසු හා උපාංග හවුල්කරුවන් හතර දෙනකු, සංචාරක සේවා හවුල්කරුවන් හතර දෙනකු සහ භෝජන හවුල්කරුවන් 12 දෙනකු දායක වන බව බැංකුව පවසයි.

මීට අමතරව, මෙම ප්‍රවර්ධන කාලය අතරතුර කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්හට අන්තර්ජාල හවුල්කරුවන් 73 දෙනකු වෙතින් ද වට්ටම් පිරිනමනු ඇත.

ප්‍රවර්ධන කාලය අතරතුර දී මිලදී ගන්නා ගෘහ විදුලි උපකරණ සඳහා මාස 60ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම් ද බැංකුව විසින් පිරිනමන බව ද බැංකුව තවදුරටත් පැවසූවේය.



අදහස් (0)

කොමර්ෂල් කාඩ්පත් හිමියන්ට අලුත් අවුරුද්දේ සියයට 60 ක් දක්වා වට්ටම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 116 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site