අද දිනයේ දී බැංකු හා මුල්‍ය, රක්ෂණ හා සිල්ලර වෙළෙඳ අංශවල කොටස් මිල ගණන් කෙරෙහි වැඩි අවධානයක් අපේක්ෂා කෙරේ. ආයෝජන උපදේශකයන් දක්වන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ අධික ඉල්ලුමක් සහිතව හැසිරෙනු ඇතැයි බලාපොරොත්තු තැබීම අසීරුය. එහෙත් දර්ශක වර්ධනයක් කරා ගමන් කරනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කරන ලද ප්‍රකාශ කෙරෙහි ගනුදෙනු කරුවෝ යම් විශ්වාසයක් තබා තිබේ.
කැබිනට් සංශෝධනය සමග සිය සංවර්ධන අභිලාශ වේගවත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවක් නිරීක්ෂණය වුවහොත් වෙළෙඳපොළ තවත් වටයකින් ස්ථාවර විය හැකිය. අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට තවත් මාසයක පමණ කාලයක් ඉතිරිව පවතින බැවින් මෙවැනි මොහොතක පූර්ව අයවැය මිල දී ගැනීම් සිදුවීමට ඇති ඉඩකඩ සීමිතය. කෙසේ වෙතත් ඉසුරුමත් සමාගම්වල කොටස් කෙරෙහි යම් ඉල්ලුමක් ඉදිරි දිනවල සනිටුහන් වීමකට ඉඩකඩ පවතී. ඉකුත් සිකුරාදා (සැප්. 10) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,318.72 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 143.98 ක වර්ධනයකි.
එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,226.03 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 63.65 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 8.45 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 44,321 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 538.1 ක් විය. සමාගම් 130 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 137 කි.
පසුගිය ගනුදෙනු සතියේ අවසාන දින දෙක තුළ විදේශ මිල දී ගැනීම් සුළු පිබිදීමක් සනිටුහන් කළේය. මිල දී ගැනීම් එම දින දෙක තුළ රුපියල් මිලියන 852.5 ක් වූ අතර විකිණීම් රුපියල් මිලියන 698.2 කි. රටට ලැබුණ ශුද්ධ විනිමය ප්‍රමාණය රුපියල් 698.2 කි.
කොටගල වැවිලි සමාගම සිය කොටස් හිමියන්ට නිකුත් කළ වරණීය කොටස් අයිතිය සඳහා සැලකිය යුතු ඉල්ලුමක් පවතින බවක් දැකගත නොහැක. රුපියල් නවයකට මිල කර තිබුණ මෙම කොටස් සම්බන්ධව එය ඉක්මවා ගිය ශත අසූවක කොටස් වටිනාකමක් පසුගිය සතියේ මැද වාර්තා කෙරිණ.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
503
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැබිනට් සංශෝධනයෙන් ආයෝජන විශ්වාසය තක්සේරු කිරීම