IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කාබනික කෘෂි නිෂ්පාදන අපනයනයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 500කට අධික ආදායමක්

අවසන් වසර 30කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්ම අපනයන ක්ෂේත්‍රය දැඩි වර්ධනයක් පෙන්නුම් කරන අතර එය රටට විදේශ විනිමය උත්පාදනය කරන බවත් ගෝලීය කාබනික වෙළෙඳපොළේ වටිනාකම යුරෝ බිලියන 136.4 පමණ වන අතර ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික මුදලක් උපයා ගනිමින් විශ්වාසදායක සහතික කළ කාබනික කෘෂිකර්ම නිෂ්පාදන සැපයුම්කරු ලෙස කටයුතු කරන බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පසුගියදා පැවැත්වූ ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය සහ නියාමන ක්‍රමවේදයේ සිදුකරන ලද සංශෝධන පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.
ඉතා විශාල කාබනික නිෂ්පාදන භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ සහතික කළ කාබනික අපනයනකරුවන් 400කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා, යුරෝපා සංගමය (EU), ඇමරිකානු USDA, ජපානයේ AS, Demeter සහ Naturland වැනි ජාත්‍යන්තර සහතික සම්මතයන් යටතේ ක්‍රියාත්මක වන බවද ඔහු අවධාරණය කළේය. ඊට අමතරව අපනයනකරුවන් සහ සැකසීමේ කර්මාන්තකරුවන් මූලික කරගත් ගොවි කණ්ඩායම් මගින් සංවිධානය කළ ගොවියන් 20,000කට අධික සංඛ්‍යාවක්ද කාබනික ලෙස සහතික කර ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ගනීෂා ද සිල්වා මහත්මිය SLS 1324:2018 කාබනික කෘෂි ජාතික ප්‍රමිතියේ සංශෝධන පිළිබඳව ද ජාතික කාබනික පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ විනෝකා පෙරේරා මහත්මිය කාබනික නියාමන ක්‍රමවේදයේ සංශෝධනය පිළිබඳව ද දීර්ඝ දැනුවත් කිරීමක් සිදු කළහ.

 



අදහස් (0)

කාබනික කෘෂි නිෂ්පාදන අපනයනයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 500කට අධික ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site