IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙයි


වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි පියවර තබමින් ශ්‍රී ලංකාවේ පළමු Tap to pay ගෙවීම් ක්‍රමය සහිත කුලී රථ සේවය හඳුන්වා දෙයි. මෙමඟින් පාරිභෝගිකයන්ට තම වීසා හෝ මාස්ටර් කාඩ්  NFC පහසුකම් සහිත ස්මාට් දුරකතනයට Tap කිරීමෙන් ගෙවීම් පහසුවෙන් හා ඉක්මනින් කළ හැකිය. මුදල් නෝට්ටු භාවිතයෙන් සහ පොෂ් යන්ත්‍ර භාවිතයෙන් ඉදිරියට ගොස් විධිමත් හා නව්‍ය ගෙවීම් ක්‍රමවේදයක් මේ හරහා ඉදිරිපත් කර ඇත. 

“මෙම සහයෝගීතාව විශාල දිගු පියවරක්. Tap to pay මගින් නව ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙනවා පමණක් නොව රියැදුරන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ඔවුන්ගෙන් ලැබෙන සේවය වඩාත් ශක්තිමත් කිරීමටත් මෙය යොදා ගන්නවා. මෙම සේවාව ගෙවීම් වඩාත් පහසු හා ඉක්මන් කරනවා. කවරාකාර ගමනක් වුවද ඒ ඒ ආකරයට විස්තර ඇතුළු කර පහසුවෙන් කුලී රථ වෙන් කර ගන්න පුළුවන්. අඛණ්ඩව සේවය සපයන දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයක් මගින් පාරිභෝගිකයන් වෙනුවෙන් නිරතුරුව පෙනී සිටීමත්, යාවත්කාලීන වූ වෙබ් අඩවිය සමඟ ඉහළ සේවයක් සැපැයීමත් මඟින් කැන්ගරු කැබ්ස් ආරක්ෂාකාරී, සුව පහසු ගමනකට ඉඩලසා දෙනවා. 

Genie Business සමඟ හවුල්කාරිත්වයෙන් Kangaroo Cabs කාර්යක්ෂමව ගාස්තු ස්වයංක්‍රීයව අය කර ගන්නා අතර කාලය අවම කර ගැනීමටත්, නිවැරැදි ගෙවීම් විස්තර සඳහන් වීමටත් ඉඩ සලසා දෙනවා.” කැන්ගරු කැබ්ස් මූල්‍ය අධ්‍යක්ෂ කුසල් ෆොන්සේකා මහතා පැවැසීය. කැන්ගරු කැබ්ස් Miles  හඳුන්වා දෙමින් දෛනික පාරිභෝගිකයන්ට වටිනාකමක් සපයයි. සෑම සැතපුමකටම රුපියලක් පාරිභෝගිකයාට එකතු වෙන Kangaroo Miles පාරිභෝගිකයන් වෙනුවෙන්ම ක්‍රියාත්මක වන වැඩසටහනකි.



අදහස් (0)

කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site