IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කුඩා තේවතු හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇල්පිටියේ

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත 

පිවිතුරු තේ දලු‍ නිෂ්පාදනය කිරිමට කුඩා තේවතු හිමියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඇල්පිටිය රෑකඩහේන තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී පවැත්විණ.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මේ වැඩසටහන රෑකඩහේන තේ කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂක දුෂර ගීගනගේ මහතාගේ අධීක්ෂණය යටතේ සාමාන්‍යාධිකාරී බී.ඩබ්ලිව්.ටී. නදීශන මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙදින පැවැත්විණ.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය රාජ්‍ය නියමු ව්‍යාපෘතියක් ලෙස තේ වගාවට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන දිසාවන්හි මේ වැඩසටහන කියාත්මක කරනු ලබන අතර රෑකඩහේන තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පැවැත්වූවේ එහි ගාලු‍ දිසා ව්‍යාපෘතිය බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් කීවේය. ගාලු‍ දිසාවේ කුඩා තේවතු හිමියන්ගෙන් වඩාත් පලදායී පිවිතුරු තේ දලු‍ ලබා ගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද මේ වැඩසටහන ගාලු‍ දල්ලෙන් රටට ගැම්මක් යන නමින් නම් කොට තිබිණ.

මේ වැඩසටහනට කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොළ, එම අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රෝහිත වෛද්‍යරත්න, ගාල්ල ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික මොහොට්ටි, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහකාර තේ කොමසාරිස් එල්.කේ.අජිත් ශ්‍රී ලංකා තේ පර්ෙ ය්ෂණායතනයේ ප්‍රදීප් අල්විස් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මේ වැඩසටහනට රෑකඩහේන තේ කර්මාන්ත ශාලාව තෝරාහැනීමට විශේෂයෙන්ම හේතුවූවේ මේ තේ කර්මාන්ත ශාලාවට කුඩා තේ වතු හිමියන් 2,000ක් පමණ තේ දලු‍ සැපයීමත් කර්මාන්තශාලාවට අනුබද්ධ රජයේ අනුමත තේ පැළ තවාන් ක්‍රියාත්මක කරමින් ලාංකීය තේ කර්මාන්තයට අත්‍යාවශ්‍ය ම කරුණක් වන නැවත තේ වගාවට අවශ්‍ය ගුණාත්මක තේ පැළ වාර්ෂිකව 650,000ක ප්‍රමාණයක් තේ ඉඩම් හිමි ප්‍රජාව වෙත නිකුත් කිරීම සැලකිල්ලට ගනිමින් බවද එම අධිකාරිය කියයි.

මේ එම වැඩමුළුව ආරම්භ කරමින් පොල් තෙල් පහන දැල්වූ අයුරු සහ වැඩසටහනට සහභගීවූ කුඩා තේවතු හිමියන් පිරිසක් ඡායාරූප වලින් දැක්වේ.



අදහස් (0)

කුඩා තේවතු හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇල්පිටියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site