IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොටස් වෙළෙඳාමේ සුළු ප්‍රගතියක්

ඊයේ වෙළෙඳපොළ ගනුදෙනු දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳාමේ දී ද වර්ධනයක් පෙන්නුම් කළේය. අප්‍රේල් මාසය ආරම්භයේ පළමු දින දෙකම වර්ධනයක ලක්ෂණ සනිටුහන් වී ඇත. පසුගිය මාර්තු මාසයේ මැද කොටස් වෙළෙඳ පොළ සියලු මිල දර්ශකය ඒකක 15,734 තෙක් පහත වැටුණු අතර එය ඒකක දහ හත් දහස ඉක්මවා තිබුණ පිබිදීම දුබලකර පහතටම ගෙන එන ලද බව දැක්වේ. එම පසුබැසීම ක්‍රමයෙන් වර්ධනයක් කරා ගමන් කරවන්නට සමත් ද යන්න විමසිල්ලෙන් සිටිය යුතුය.

ඊයේ (අප්‍රියෙල් 02) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,007.44 තෙක් ඉහළ ගිය අතර එය ගනුදෙනු දින දහ හතරකට පසු නැවතත් ඒකක දහ සයදහසක සීමාවට ළඟාවීමකි. කලින් දිනයට සාපේක්ෂව දර්ශක 173.06 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,762.64 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 10.84 ක ඉහළ යෑමක් සේ දැක්විය හැකිය. ආරම්භයේ සිට පැයක පමණ කාලයක් තියුණු වර්ධනයක් පෙන්වන ලද නමුත් පසුව එය විකිණීමේ උත්සාහය හේතු කොටගෙන සාමාන්‍ය තැනකට පත්විය. 

ජෝන් කීල්ස් රු. මිලියන 302 ක්, හේලීස් ලෙෂර් රු. මිලියන 149 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 108 ක්, සී.අයි.සී. රු. මිලියන 91 ක්, සම්පත් රු. මිලියන 87 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 78 ක්, ලයන් බෲවරි රු. මිලියන 66 ක්, පැරක්වෙට් රු. මිලියන 59 ක්, සී.අයි.සී. නිෂ් ඡන්ද රු. මිලියන 58 ක්, සහ සන්ෂයින් රු. මිලියන 42 ක් ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි. 

ඊයේ වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 15,697 ක් වූ අතර සමාගම් 168 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 65 ක් විය. දිනයේ වෙළෙඳ පොළ පිරිවැටුම රු. බිලියන බිලියන 2.29 ක් දක්වා සිමාවී තිබුණි.

නිරීක්ෂක



අදහස් (0)

කොටස් වෙළෙඳාමේ සුළු ප්‍රගතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 146 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site