කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (24) ගනුදෙනු අවසන් වනවිට පිබිදීමක් වාර්තා කළේය. එය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පසු වර්ධනයක් සනිටුහන් කළ පළමු අවස්ථාවය. දැනට බැංකු තැන්පත්වලට ගෙවන පොලිය හා එම පොලිය සඳහා රඳවාගැනීමේ බද්ද ධනෝත්පායන මාර්ගවලදී අවාසි සහගත තැනක පසුවන බව පෙනේ. කොටස් ගනුදෙනුවල දී බදු ප්‍රතිශත සලකා බලන පසු ඉදිරියේ දී ආයෝජකයන් තවත් නැඹුරුවිය හැකිය.
ඊයේ ගනුදෙනු 11,355 ක් වාර්තා වූ අතර සමාගම් 138ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 71 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 1,471.1ක් වශයෙන් විය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,615.53 ක් වූ අතර එය දර්ශක 71.64 ක වර්ධනයකි. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,604.71 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 12.64 ක වර්ධනයක් සේ දැක්විය හැකිය.
හේමාස් හෝලිඩිං රු. මිලියන 103 ක්, එල්. බී. ෆිනෑන්ස් රු. මිලියන 62 ක්, ඩීමෝ රු. මිලියන 59 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 59 ක්, ඇලුමෙක්ස් රු. මිලියන 58ක්, ලංකා ඇලුමීනියම් රු. මිලියන 56 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 54 ක්, වැලිබල් වන් රු. මිලියන 47 ක්, ඩිප් ප්‍රඩක්ට් රු. මිලියන 42 ක්,සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 40 ක් හා ජෝන් කීල්ස් රු. මිලියන 40 වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් අගලවත්ත වැවිලි, වැලිබල් වන්, වැලිබල් ෆිනෑන්ස්, සම්පත් බැංකුව හා ඩිප් ප්‍රඩක්ටට් යන සමාගම්වල කොටස් වැඩිම වාර ගණනකින් හුවමාරු වූ බව සඳහන්ය.
නිරීක්ෂක
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොටස් වෙළෙඳාම සක්‍රීය වන ලකුණු