IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොටස් වෙළෙඳාම තවත් වටයකින් ඉදිරියට

තියුණු වර්ධනයක පවතින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉදිරි දිනකිහිපය ඇතුලත ලාබ ඉපැයීම අරමුණු කරගත් විකිණීම් බහුල තැනකට පත්විය හැකිය. මිල දී ගැනීම්වල දී උපායශීලීවිය යුතු අතර සමාගම්වල ලාභාංශ, ඒවායේ තීරණ ගැනීමේ ක්‍රමවේද හා කොටස් සඳහා පවතිනසාධාරණ ඉල්ලුම අධ්‍යයනය කළ යුතු වේ. තවමත් විදේශීය ආයෝජන අංශ විකිණීමේ ප්‍රවණතාවක පසුවන අතර එම කොටස් දේශීය ගනුදෙනුකරුවන් මිල දී ගනිමින් සිටී. කෙසේ වෙතත් නැවතත් විදේශ මිල දී ගැනීම් සක්‍රිය විය හැකි ස්වභාවයක් ද පවතී.

සංචාරක පැමිණීම වර්ධනය වී ඇති අතර මෙම වසරේ දැනට පැමිණ ඇති සංචාරක පිරිස ලක්ෂ පහ​ළොවකට ආසන්න අතර එය සියයට විසි එකක පමණ වර්ධනයකි. ඉදිරියේදී සංචාරක හෝටල හා විනෝදාත්මක අංශයට අයත් සමාගම්වල කොටස් කෙරෙහි නැඹුරුවක් ඇති විය හැකිය. 

ඊයේ (අගෝ 19) ගනුදෙනුවල දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,571.07 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 100.55 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,055.92 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 58.46 ක ඉහළ යාමක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 10.85 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 47,340 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 234.57 ක් විය. සමාගම් 131 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 110 කි. 

හැටන් නැෂනල් බැංකුව  රු. මිලියන 463 ක්, ඩිජිටල් මොබිලිටි රු. මිලියන 302 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 265 ක්, හැටන් නැෂනල් බැංකුව නිෂ්ඡන්ද  රු. මිලියන 247 ක්, සම්පත් බැංකුව  රු. මිලියන 231 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 199 ක්, ඩි.එෆ්.සී.සී.රු. මිලියන 176 ක්, වැලිබල් ෆිනෑන්ස් රු. මිලියන 176 ක්  ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 

නිරීක්ෂක



අදහස් (0)

කොටස් වෙළෙඳාම තවත් වටයකින් ඉදිරියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site